දෝෂාභියෝගය යළි සලකා බලන්න සූදානම් – President Mahinda Rajapaksa

අගවිනිසුරු ශිරාණ් බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ස්වාධින කමිටුවක් හරහා යළි සලකා බැලීමට තමා සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව ගොඩනැගිලි සංකීරණයක් විවෘත කිරීමේ ‍අවස්ථාවට එක්වෙමිනි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් දුන් නමුත්, තමා ඊට එතරම් කැමති නැති බවත් ඒ පිළිබදව කණගාටුවන වන බවත් පැවසු ජනාධිපතිවරයා නීතිඥයකු වන තමා අධිකරණය හැල්ලු කරන කිසිදු ක්‍රියාමාර්ගයකට එකග නැති බවද සඳහන් කලේය.


කෙසේ වෙතත් දෝෂාභියෝගය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වීමට තමාට සිදුවී ඇතත් තමා ගන්නා ක්‍රියාමාර්ගය ගැන තමා තමාගේ හදවතට පමණක් වගකියුතු බැවින්, දෝෂාභියෝගය පිළිබවදව යළිත් සලකා බැලීමට තමා සුදානම් බව නැවතත් අවධාරණය කල රාජපෂ මහතා වරදක් වී ඇත්නම් එය ප්‍රසිද්ධ කිරීම හෝ ඒ පිළිබදව ප්‍රසිද්ධියේ කතා කිරීම සුදුසු නොවන බවද කීවේය.


Gossip Lanka Hot News Previous News Archive