හඳුනානොගත් ආලෝකයන් පිළිබඳව ශ්‍රී ලංකා ගුවන් හමුදාව අවධානයෙන්- Unidentified flying objects in sri lanka

දිවයිනේ ප්‍රදේශ රැසකින් දිස්වූ හඳුනානොගත් ආලෝකයන් පිළිබඳව ද පැය 24 පුරා අවධානයෙන් පසුවන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක වින්ග් කමාන්ඩර් ශිරාෂ් ජලාල්ඩීන් මහතා පැවසුවේ මෙතෙක් කිසිඳු හඳුනානොගත් යානාවක් තම රේඩාර් පද්ධතියට නිරීක්ෂණය වී නොමැති බවය.

දිවයිනේ ප්‍රදේශ 3කින් හඳුනානොගත් ආලෝක දක්නට ලැබුණු බවට වාර්තා විය.
ඒ අනුව තණමල්විල, හම්බේගමුව ජනපදයට ඉහළින් ඊයේ රාත්‍රී 8.30ට පමණ හඳුනානොගත් ආලෝකයක් දිස්වී තිබේ.


අනෙක් ආලෝකය දිස්වී තිබෙන්නේ අම්බලන්තොටට ඉහළින් නැගෙනහිර අහසේයි.

ගම්පහ, ඉහළයාගොඩ ප්‍රදේශයේ ඉහළ අහසේ ද ආලෝකයක් දැකගැනීමට හැකිව තිබේ.

මීට පෙර ද මෙවැනි සිදුවීම් පෙලක් පිළිබඳව අප ඔබට තොරතුරු වාර්තා කළේය.

  සබැදි පුවත් 1
 සබැදි පුවත් 2
 සබැදි පුවත් 3
සබැදි පුවත් 4
සබැදි පුවත් 5
සබැදි පුවත් 6
සබැදි පුවත් 7


Gossip Lanka Hot News Previous News Archive