ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය දර්ශකයේ අගය ඉහළට - Sri Lanka Prosperity Index

වර්ෂ 2009 සිට වර්ෂ 2011 අතර කාලයේදී සියලුම උප දර්ශකවල දියුණුවක්‌ද සමග ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය (Sri Lanka Prosperity Index) 56.5 සිට 60.6 දක්‌වා වර්ධනය වී ඇත.

මේ අනුව ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය 2010 වසරේදී සියයට 3.1 කින් සහ 2011 වසරේදී සියයට 4.1 කින්ද වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි. 2009 සිට 2011 කාලය තුළ වඩාත් පැහැදිලි දියුණුවක්‌ පෙන්නුම් කළ සමාජ හා ආර්ථික යටිතල පහසුකම් පිළිබඳ උප දර්ශකය 2010 වසරේදී සියයට 3.7 ක වර්ධනයක්‌ පෙන්නුම් කළ අතර, 2011 වසරේදී එහි වර්ධනය සියයට 4.9 දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි. 2010 වසරේදී සියයට 2.1 කින් වර්ධනය වූ ආර්ථික හා ව්‍යාපාරික පරිසරය පිළිබඳ උප දර්ශකය 2011 වසරේදී සියයට 4 දක්‌වා ඉහළ ගොස්‌ තිබේ. එසේම ජන ජීවිතයේ යහපැවැත්ම පිළිබඳ උප දර්ශකය 2010 වසරේදී සියයට 3.7 කින් ද 2011 වසරේදී සියයට 3.6 කින්ද වර්ධනය වී ඇතැයි මහ බැංකුව කියයි.


ශ්‍රී ලංකාවේ සහ සෑම පළාතකම සමස්‌ත සෞභාග්‍ය තක්‌සේරු කිරීම සඳහා වූ සංයුක්‌ත දර්ශකයක අවශ්‍යතාව සපුරාලීම සඳහා 2008 වසරේදීයී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා සෞභාග්‍ය දර්ශකය හඳුන්වා දෙන ලදී. මෙම දර්ශකය මගින් ජාතික ප්‍රතිපත්ති සම්පාදකයන්ට, ප්‍රාදේශීය අධිකාරි වලට සහ ව්‍යාපාර සහ ප්‍රජා කොටස්‌කරුවන් සඳහා වඩාත් පරිපූර්ණ දර්ශකයක්‌ සැපයෙන බවද මහ බැංකුව තවදුරටත් පවසයි.


Gossip Lanka Hot News Previous News Archive