දිඹුලාගලට අහසින් කෑලි වැටේ !

දිඹුලාගල කුඩාවැව කුඹුරු යායක වතුර හරවමින් සිටි ගොවීන් පිරිසක් පෙරේදා (29දා) රාත්‍රියේ කුඹුරු යායකට පතිත වූ ආලෝක ධාරා පිළිබඳව බිය වී ආපසු ගොස් පසුදා (30දා) උදේ කුඹුරුවලට ගොස් බැලූ විට කිසියම් පාෂාණ කැබලි වැටී තිබෙනු දැක ඇත.

කුඹුරු යායේ ගොයමට වතුර හැරවීම සඳහා පෙරේදා (29දා) රාත්‍රියේ කුඹුරුවලට ගිය ගොවීන් රාත්‍රියේ අලෝකය විහිදුවමින් කුඹුරුවලට වැටෙන කිසියම් දෙයක් දැක ඉන් බියට පත්වී ආපසු නිවෙස් වෙත පැමිණි බව සිද්ධිය ඇසින් දුටු කුඩාවැව ලොකුබණ්ඩා ගොවි මහතා පවසයි.



ඉන් පසු තමන් සහ එම කුඹුරු යායේ බොහෝ දෙනකු ඊයේ (30දා) පෙරවරුවේ කුඹුරු යායට ගොස් බලද්දී තැන තැන විසිරුණු කළු පැහැති පාෂාණ කැබලි හමුවූ බවද හෙතෙම පැවැසීය.


මේ පාෂාණ කැබලි අහුලා ගැනීමට ලොකු පොඩි පිරිස් රැසක්ම වෙල්යායට පැමිණ ඇති අතර, සමහර පාෂාණ කැබලි ඉතාම කුඩා බවත් ඇතැම් ඒවා තරමක් විශාල බවත් එම කුඹුරු යායේ ගොවීහු පවසති.

Gossip Lanka Hot News Previous News Archive