උගන්ඩාවේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සදහා ශ්‍රි ලංකාවේ සහාය ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබේ.
අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමු වු අවස්ථාවේදී උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසෙවේනි මහතා ඒ පිළිබද ඉල්ලීම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ය.
Karu jayasuriya speaks about dictatorship,ඒකාධිපති රටවල බන්ධනාගාර පාලනය වෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කරූ ජයසුරිය මහතා අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණි.
ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉංග්‍රිසි පුවත්පතක පළ වු ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සදහා ය.
ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉංග්‍රිසි පුවත්පතක පළ වු ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සදහා ය.
වැලිකඩ බන්ධනාගාර ජේලර්ලා උදව් කරලා

බන්ධනාගාර සිද්ධියේදී සිරකරුවෙන්ගේ පැත්ත ගත් බන්ධනාගාර නියාමකයන් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මේ අතර කැරැල්ල සිදුවන අවස්ථාවේ කැරලිකරුවන් සැඟවීමට පවා උදව් දුන් දුෂිත නිලධාරීන් සිටියදී වැරදි නොකළ නියාමකයන් දෙදෙනෙකුගේ වැඩතහනම් කිරීම සමිබන්ධව බන්ධනාගාර නියාමකවරුන් මේ වන විට විරෝධය පළකරමින් ඇත.
සිද්ධිය හේතුවෙන් වැඩතහනමට ලක් වූ බන්ධාගාර නියාමකයන් දෙදෙනා යළි සේවයේ පිහිටුවීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් ඉටුකරන ලෙස බල කරමින් වැඩවර්ජනයක් පැවැත්වීමටද බන්ධනාගාර නියාමකවරු සැරසෙති.
Coffee meeting With Ranil, විමල් කෝපි බීලා ගියා
යසර් අරපත් ගේ දේහය යලි ගොඩ ගැනේ, Open Yasser Arafat's grave
පලස්තීනයේ හිටපු නායක යසර් අරෆත් ගේ දේහය යලිත් ගොඩ ගැනීමට කටයුතු යොදා තිබේ.
අධිකරණ වෛද්‍ය විශේෂඥයන් විසින් ලබන සතියේදී බටහිර ඉවුරේ රාමල්ලා නගරයේ දී ඔහුගේ දේහය යලිත් ගොඩ ගැනීමට නියමිතයි.
‘‘විශ්ව භීතිකාව’’ නම් නවතම මානසික රෝගයක්, Cosmophobia in Sri lanka
ලබන දෙසැම්බර් මාසයේ දී ලෝකය විනාශ වන බවට පැතිර යන මතයන් සමග ඊට ඇතිවන බිය මුල් කරගනිමින් ජනතාව තුළ පැතිර යන ‘‘කොස්මොෆෝබියා’’ නම් නවතම මානසික රෝගයක් හඳුනාගෙන තිබේ.
‘‘කොස්මොෆෝබියා’’ හෙවත් ‘‘විශ්ව භීතිකාව’’ නම් වූ මෙම රෝගය බොහෝ රටවල පැතිරී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, ශී‍්‍ර ලංකාවෙන් ද එක් රෝගියකු හඳුනා ගැනීමට හැකි වූ බවත්, කොළඹ විශ්වවිද්‍යාලයේ භොතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවැසීය.

අගවිනිසුරුට එරෙහි දෝශාභියෝගයේ විමර්ශන කටයුතු හෙට (14) සිට
ඔහු කියා සිටියේ එදිනම තේරීම්කාරක සභාව සඳහා සභාපතිවරයෙකු කථානායකවරයා විසින් පත් කරන බවයි.
දෝෂාභියෝග යෝජනාව විභාග කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ සියලූ නම් මේ වනවිට පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබාදී තිබිණ.
කුකුළු පැටව් පෙන්වීමට ගොස් ‘සුදු සීයා’ වසර 15ක සිර දඬුවමකට
සිවුහැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට වරදකරුවූ හේවාපත්තුවේ ආරච්චිගේ පේ‍්‍රමදාස නොහොත් ‘සුදු සීයා’ නැමැති අයෙක් බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඬුවමකට කළුතර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා නියෝග කළා.එසේම විනිදිත දැරියට රුපියල් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසද ඔහුට නියම කළා.
සිසුවිය මවක් කොට සැඟවුන සැකකරු අල්ලයි
ශේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක දූෂණය කොට ගැබිනියක් බවට පත් කිරීමත් ඇයට දරුවෙක් උපන් පසු ඇයව මගහැර රාජාංගන යාය 13 සැගවී සිටි (23)තරුණයෙකු රාජාංගන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Kuwait's Guinness Record Fireworks Show,ලොව විශාලතම මල්වෙඩි සංදර්ශනය
ලොව විශාලතම මල්වෙඩි සංදර්ශනයත් සමග කුවේටය පසුගියදා ගිනස් වාර්තා පොතට එක්විය.
මෙම මල්වෙඩි සංදර්ශනය පවත්වා තිබුනේ කුවේට් රාජ්‍යයේ ව්‍යවස්ථාවට පනස් වසරක් පිරීම නිමිත්තෙනි.
මෙම අවස්ථාව සැමරීමට පසුගිය 10දා සවස කුවේට් සිටි අගනුවර වෙරළ තීරයට දහස්ගණනක් ජනතාව රැුස්ව සිටි බව විදෙස් වාර්තා වල දැක්වේ.
මම දැන් අටමහ කුසල්වලට අයිති කෙනෙක් – Mervin Silva
‘අට මහ කුසල්වලින් එකක් තමයි පාරවල්, ඇල දොල, බෝක්කු, වැව් පොකුණු, චෛත්‍ය ලබුදු මැදුරු සංවර්ධනය කිරීම, මේ සියල්ලම අයත් වන්නේ අටමහ පිංකම් හැටියට. මම දැන් අටමහ කුසල් වලට අයිති කෙනෙක්. උතුරයි දකුණයි මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට යා කරන්න පුළුවන් වුණා’ යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
බියගම උතුර දකුණ යා කෙරෙන ප‍්‍රධාන මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
වැලිකඩ හිරගෙදරින් සියයකට වඩා පැන ගිහින්?More than100 prisoners escaped Welikada prison?
ඉකුත්දා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියෙන් පසු සිරකරුවන් හා රැදැවියන් සියයකට අධික පිරිසක් පැනගොස් ඇති බව බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ පැනගොස් ඇති පිරිස් අතර දරුණු ගණයේ අපරාධවලට සම්බන්ධ වූවන්ද සිටින බවත්, පැන යෑමට පෙර ඔවුන් බන්ධනාගාර නියාමක නිලධාරීන්ගේ නිල විවේකාගාරවල තිබූ කබඞ් හා ලාච්චු කඩා ඒ තුළ වූ මුදල් හා ජංගම දුරකතන ඇතුළු වටිනා භාණ්ඩද රැගෙන ගොස් ඇති බවත් පැවැසේ.

කහවත්තේ තවත් බිල්ලක ලේ හලයි, Another murder case in kahawaththa
88, 89 භීෂණ සමයේදී ඝාතනය කෙරුණු කාන්තාවකගේ වෛරීය ආත්මය කහවත්ත කොටකෙතන සැරිසරන බවට කෑගල්ලේ පඤ්ඤාරාම භික්‍ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කර ගෙවී ගියේ පැය ගණනාවකි.
කොටකෙතනට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි දිඹුල්වලදී ඉකුත් 10 රාත්‍රි තවත් ඝාතන තැතක් වාර්තා විය. තරුණ අඹු සැමි යුවළක් දරුණු කැපුම් තුවාලවලට ලක්ව රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබති.
කොටකෙතනට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි දිඹුල්වලදී ඉකුත් 10 රාත්‍රි තවත් ඝාතන තැතක් වාර්තා විය. තරුණ අඹු සැමි යුවළක් දරුණු කැපුම් තුවාලවලට ලක්ව රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබති.
අගවිනිසුරුවරිය සෙලින්කෝ නඩු කිහිපයක් ඇසීමෙන් ඉවත්වෙයි
සෙලින්කෝ ව්‍යාපාරයට අයත් ආයතන කිහිපයක් සම්බන්ධ නඩු විභාගය මෙහෙය වූ විනිසුරු මඩුල්ලෙන් ඉවත්වීමට අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය තීරණය කර තිබේ.
දැනට උද්ගත වී ඇති තත්ත්වය හේතුවෙන් අදාළ නඩු විභාග කිරීමට තමාගේ කැමැත්තක් නොමැති බව ඒ සම්බන්ධ නඩු විභාගය අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සඳහන් කළාය.

මල්ශාලාව ගැහැනු-පිරිමි මිනී මාරුකරලා
රාගම රෝහලේදී මියගිය කාන්තාවකගේ හා පිරිමියකුගේ මළ සිරුරු දෙකක් මල් ශාලා මඟින් ඔවුන්ගේ නිවෙස්වලට ගෙන යෑමේදී සිදුවූ ප්‍රමාද දෝෂයක් නිසා, සංවේගදායක අවස්ථාවක් කෝපයකට පරිවර්තනය වී ගුටි - බැට හුවමාරුවකට පෙරැළීමේ අවාසනාවන්ත සිද්ධියක් රාගම සමඟි මාවතෙන් වාර්තා වෙයි.
Gemstones- ලොව විශාලතම මැණික් ගල් දෙකක් ප්‍රදර්ශනයේ.
ලොව මතෛක් වාර්තා වූ විශාලතම මැණික් ගල් දෙකක් මේ දිනවල රත්නපුර බටුගෙදර පිහිටි ප්‍රවීණ මැණික් විද්‍යාඥ සුනිල් පාලිත ගුණසේකර මහතාගේ මැණික් ප්‍රදර්ශනාගාරයෙහි ප්‍රදර්ශනයට තබා තිබේ.
ඉන් එකක් වන්නේ “සිලෝන්නයිට් කිරිංචි” (Ceylonite Crystal/ Fe- rich Spinel) වර්ගයට අයත් මියගිය තත්ත්වයේ (කට්ටයක්) පවතින මැණික් ගලකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව ප්‍රදේශයෙන් හමු වූ එය කිලෝග්‍රෑම් 40යි ග්‍රෑම් 600ක් හෙවත් කැරට් 2,03,000ක් බරින් යුක්තය. එය ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, Excalibur Mineral Corperation ආයතනය මගින් පරීක්ෂා කර 2011 නොවැම්බර් මස 19 දින තත්ත්ව සහතික වාර්තාවක් නිකුත් කර තිබේ. එය ලොව මතෛක් හමු වූ විශාලතම සිලෝන්නයිට් කිරිංචි ගල (කට්ටය) බව සුනිල් පාලිත ගුණසේකර මහතා පවසයි.

60 year old woman brutally murdered-හැටදෙහැවිරිදි කතක කපා කොටා මරා දමලා
වතුපිටිවල උනගහදෙණියේ නිවෙසක විසූ යුවළක් ඊයේ(12) දහවල් කිසියම් පිරිසක් විසින් කපාකොටා දැමීමෙන් බිරිය එතැනම මියගොස් සිටි බවත් බරපතළ තත්ත්වයේ පසුවූ සැමියා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් නිට්ටඹුව පොලිසිය කියයි.
JVP internal crisis, ජවිපෙ යළි බෙදේ
නායකකම ටිල්වින්ට, ලේකම්කමට අනුර-ලාල් කඩු මදිති
ජනතා විමුක්ති පෙරමුණ තුල මේ වන විට තවත් බරපතල තත්වයේ බෙදීමක් හටගෙන ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.
පසුගියදා පැවති එම පක්‍ෂ දේශපාලන මණ්ඩල සභිකයන්ගේ විශේෂ හමුවකදී සාකච්චා වී ඇත්තේ ජවිපෙ වත්මන් නායක සෝමවංශ අමරසිංහ වයෝවෘද්ධව, අබල දුබලව, සිහිමද ගතියෙන් සිටින බැවින් ඒ සඳහා වෙනත් නායකත්වයක් තෝරා පත් කර ගත යුතු බවයි.