පළමු තරගයෙන් ඔස්ට්‍රේලියාවට විශිෂ්ට ජයක් -Australia win 1st ODI by 107 runs

ආක්‍රමණකාරි ක්‍රීඩා විලාසයක් දක්නට නොලැබුණු බැවින් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද ආරම්භ වූ පළමු තරගයෙන් ලකුණු 107ක විශිෂ්ට ජයක් ලැබීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 305ක් ලබා ගැනීමට සමත්විය.එම ලකුණු සංඛ්‍යාවට පිලිප් හියුස් ලබාගත් ලකුණු 112 කැපී පෙනුණි.

ඔහු ලබාගත් එම ශතකය මංගල එක්දින තරගයකදී ශතකයක් ලබාගත් පළමුවැනි ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එක්විය.එසේම නායක ජෝර්ජ් බේලි ලකුණු 89ක් හා ඩේවිඩ් හසී නොදැවි ලකුණු 60ක් ලබා ගැනීමට සමත් වූහ.


පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග, නුවන් ‍කුලසේකර, අජන්ත මෙන්ඩිස් හා ඇන්ජලෝ මැතිව්ස් එක් කඩුල්ල බැගින් ලබා ගන්නා ලදී.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 198ක් පමණි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 73ක්, තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 51ක් ලබා ගන්නා ලදී.මීට අමතරව නායක මහේල ජයවර්ධන ලකුණු 5ටත්, උපුල් තරංග 1ක් ලකුණකටත් දැවි ගිය අතර ඇන්ජලෝ මැතිව්ස්ට ලබා ගත හැකි වුයේ ලකුණු 20ක් පමණි.

ලහිරු තිරිමාන්න ලකුණු නොලබාම දැවි ගියේ දුවද්දි දැවීයාමකට හසුවය.එසේම ජීවන් මෙන්ඩිස් ලකුණු 20ක් හා නුවන් කුලසේකර අවසන් අවස්ථාවේදී ලකුණු 18ක් ලබා ගන්නා ලදී.සෙසු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත්විය.
ඒ අතරින් ක්ලින්ට් මැකේයි ලකුණු 33ට කඩුලු 4ක් බිඳ හෙළන ලදී.මෙම තරගය ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී පැවැත්විණ.දෙරට දෙවැනි එක්දින තරගය ඇඩිලේඩ් හිදී ලබන 13 වැනිදා පැවැත්වෙයි.










Gossip Lanka Hot News Previous News Archive