2011ට සාපේක්‍ෂව ආර්ථික වර්ධනය අඩකින් අඩුවේ

2011 තුන්වන කාර්තුවේදී සියයට 8.5කින් වර්ධනය වූ මෙරට ආර්ථිකය මේ වසරේ තුන්වන කාර්තුවේදී වර්ධනය වූයේ සියයට 4.8කින් බව හෙළිවේ.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත්කර තිබෙන නවතම දත්ත මඟින් මේ බව අනාවරණය වන අතර 2011 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 8.3ක් විය. කෙසේ වෙතත් පුරෝකථනය කර තිබෙන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මේ වසරේදී සියයට 6.7ක් දක්වා මන්දගාමී වනු ඇති බවටයි.


ගිය වසරේ තුන්වන කාර්තුවේදී සියයට 10.8කින් වර්ධනය වූ කර්මාන්ත අංශය මේ වසරේ තුන්වන කාර්තුවේදී ලබා තිබෙන්නේ සියයට 7.3ක වර්ධනයක් වන අතර සේවා අංශයේ වර්ධනය සියයට 7.8ක සිට සියයට 4.6ක් දක්වා අඩු වී තිබේ.

මේ අතර කෘෂිකාර්මික අංශය 2012 තුන්වන කාර්තුවේදී පෙන්වා තිබෙන්නේ සියයට 0.5ක පහළ වැටීමකි. මීට අමතරව අපනයන වෙළෙදාම මෙම කාර්තුවේදී සියයට 0.9කින් පහත වැටී තිබෙන අතර දේශීය වෙළෙදාම සියයට 6.1කින් ඉහළ ගොස් තිබේ. පසුගිය වසරේ අදාළ කාලයේදී දේශීය වෙළෙදාම පෙන්වා තිබුණේ සියයට 6.7ක වර්ධනයකි.


Gossip Lanka Hot News Previous News Archive