මොබිටෙල් 4G සේවා අරඹයි

ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමට අනුබද්ධ මොබිටෙල් සමාගම LTE (Long Term Evolution) තාක්ෂණය භාවිතා කරමින් සිවුවන පරම්පරාවේ ජංගම දුරකතන සේවා (4G) ආරම්භ කර තිබේ.

මොබිටෙල් සමාගම පවසන්නේ 2011 වසරේ මැයි මාසයේ තත්පරයකට මෙගා බයිට් 96 ක් ඉක්මන වේගයකින් යුක්තව මෙම සේවාවන් අත්හදා බැලූ දකුණු ආසියාවේ පළමු දුරකතන සමාගම සිය සමාගම බවයි.

මොබිටෙල් සමාගම යනු වසර 2007 දී 3.5G HSPA ජාලයක් ආරම්භ කළ සමාගම් 10 අතුරින් එකක් බවද එම සමාගම කියයි.


සිය මවු සමාගම වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් හි දැවැන්ත ෆයිබර් ජාලයේ බලයෙන් LTE තාක්ෂණයේ උපරිම ප‍්‍රථිඵල ලබාගැනීමට හැකිවූ බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටියි

Gossip Lanka Hot News Previous News Archive