‘නිකන් ලකුණු දෙන පියා’ ඇමැති බන්දුලලූ !

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා නිකන් ලකුණු දෙන පියා බවට අද පත්ව ඇති බවත් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රය මෙන්ම සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයද කඩා වැටීමට ලක්ව ඇති බැවත් දකුණු පළාත් සභාවේ එජාප මන්ති‍්‍ර විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගාල්ල හපුගල ප‍්‍රදේශයේ පැවැති රැස්වීමකදී මන්ති‍්‍රවරයා මේ බව සඳහන් කළේය. මන්ති‍්‍රවරයා මෙසේද කීවේය.

‘අපේ රටේ බත් දුන්, පොත් දුන්, ඇඳුම් දුන් පියාලා හිටියා. ඒ නායකයන් රටට විශාල සේවාවක් කළා. වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයා අද නිකන් ලකුණු දෙන පියා බවට පත්ව තිබෙනවා.


සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය බින්දුවටම කඩා වැටිලා. අතේ මිටේ මිල මුදල් නොමැති රෝගියකුට රජයේ රෝහලකට ප‍්‍රතිකාර ගැනීමට යෑමට වී ඇත්තේ මරණ සහතිකය ලියාගෙනයි. නිදහස් සෞඛ්‍ය සේවාවක් තියෙන බවට කීවාට අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් නැහැ. යුද්ධයෙන් පසු රටට සෞභාග්‍ය උදා කරන බවට පාලකයන් පැවැසුවත් එය අද පුස්සක් බවට පත්වෙලා තියෙනවා. මේ වසර ජනතාවට සැමරීමට වී ඇත්තේ අධික ජීවන බරක් දරාගෙන හිඟා නොකා හිඟා කමින්. බඩු මිල අහස උසට නැඟලා. පාසල් උපකරණ මිල ඉහළ ගිහින්. අද ජනතාව කබලෙන් ළිපට ඇද වැටිලා.’

Gossip Lanka Hot News Previous News Archive