ළමා ස්ත‍්‍රී දූෂණවලින් සියයට 70ක් ස්ව කැමැත්තෙන්

ශ‍්‍රී ලංකාවේ සිදුවන ළමා ස්ත‍්‍රි දූෂණවලින් ඉතා වැඩි ප‍්‍රමාණයක් එලෙස දූෂණයට ලක්වන ළමයින්ගේ ස්වකැමැත්තෙන් සිදුවන බව සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.ළමා හිංසනයට එරෙහි ජාතික දිනය වෙනුවෙන් ඊයේ පැවැත් වූ උත්සවයකදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා ඒ බව අනාවරණ කළා.
ළමා ස්ත‍්‍රි දූෂණවල ක‍්‍රමිත වැඩි වීමක් දක්නට ඇතැයිද ප‍්‍රකාශ කෙරුණා.පොලිස් වාර්තා අනුව 2009 වසරේදී සිදු වූ ළමා ස්ත‍්‍රි දූෂණ සංඛ්‍යාව 1228 ක්.2010 වන විට 1446 ක් දක්වාද 2011 වසරේදී 1463 ක් දක්වාද එම සංඛ්‍යාව වැඩි වී තිබෙනවා.2012 දී සිදු වූ ළමා ස්ත‍්‍රි දූෂණ සංඛ්‍යාව 1600 ද ඉක්මවන බවයි යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ.

මේ බව සැළකිල්ලට ගෙන ළමා ස්ත‍්‍රි දූෂණ ඇතුළු ළමා අපයෝජනවලට මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතු බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරළියැද්ද මහතා නැවත අවධාරණය කළා.කෙසේවෙතත් නීති සංශෝධනයන් මෙන්ම සමාජ විශෝධනයක්ද අවශ්‍ය බවයි යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ.ළමයින් වෙනුවෙන් පිහිටුවා තිබෙන ආයතනය හුදෙකලාව ක‍්‍රියාත්මක නොවී පොදු අරමුණක් වෙනුවෙන් සාමුහිකව ක‍්‍රියාකළ යුතු බවද ප‍්‍රකාශ කෙරුණා.



Gossip Lanka Hot News Previous News Archive