Pages

පැරණිම රස්සාව කළ නිවසක් අනුරාධපුර පුබුදුපුරෙන්

අනුරාධපුර පුබුදුපුර ප‍්‍රදේශයේ නිවසක රූමත් තරුණියන් තිදෙනෙකු රඳවාගෙන එම තරුණියන් වෛශ්‍ය වෘත්තියේ යෙදවු කාන්තාවක් හා වෛශ්‍ය වෘත්තියේ නියැලූණු තරුණියන් තිදෙනෙකු සැකපිට අනුරාධපුර මුලස්ථාන පොලිසියේ නොවිසිදුණු අපරාධ ඒකකයේ පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දුතයෙකු යොදවා සිදු කළ මෙහෙයුමකදී වෛශ්‍ය වෘත්තියේ නිරත වුණු තරුණියන් තිදෙනාත් මෙම ස්ථානය පවත්වාගෙන ගිය පාලිකාවත් පොලිස් අත්අඩංගුවට පත් වි ඇත. පොලිසිය පවසන අන්දමට මෙහි පාලිකාවයි කියා ගන්නා තැනැත්තිය මෙම රූමත් තරුණියන් විවිධ පුද්ගලයින්ට රුපියල් 2500 සිට 5000 ක මුදලකට අලෙවි කර ඇති බවයි.


අත්අඩංගුවට පත් තරුණියන් තිදෙනා වයස අවුරුදු 19, 20 සහ 22 වයස් සීමාවන් වළ පසුවන අතර ඔවුන් කැබිතිගොල්ලෑව මාතලේ සහ නුවර යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන්ය. මෙම පාලිකාව කියා ගන්නා තැනැත්තිය ඇගේ ගැණුම්කරුවන්ට වෛශ්‍යාවන් ගැණුම්කරුවන්ගෙන් ලැබෙන ඉල්ලූමට අනුව ත‍්‍රීරෝද රථ වලින් අවශ්‍ය ස්ථාන කරා ප‍්‍රවාහනය කර දෙන බවත් පොලිසිය පවසයි. මෙම ස්ථානයේ තරුණියන් සමඟ විවාහ වී සිටින බව ඇගවිමට ස්වාමිපුරුෂයා යැයි කියා ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පාලිකාව මීට පෙර විෂ මත්ද්‍රව්‍ය හා නිති විරෝධී මත්පැන් ජාවාරෙම් නිරත වු තැනැත්තියක් බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.