දැරිය කෙළෙසා ඝාතනය කළාට මරණ දඬුවම

දැරියක් අපයෝජනයට ලක් කර ඝාතනය කළ පුද්ගලයෙකුට ඉන්දීය අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කරනු ලැබ තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ, එරට පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගනුම ලැබූ ශිෂ්‍යාවකි.2012 වසරේ මාර්තු මස 6 වැනිදා අදාළ පුද්ගලයා විසින් එම දැරිය අපයෝජන ලක්කර ඝාතනය කර තිබේ.
විදෙස් වාර්තා පැවසූවේ, අනතුරුව ඔහු ඇයගේ රන් ආභරණ ද රැගෙන පලාගොස් ඇති බවය.මෙම සිද්ධියෙන් සතියකට පමණ පසුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.



වයස අවුරුදු 30ක් වන ඔහු වෘත්තියෙන් රියැදුරෙකි.පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවූ මෙම පුද්ගලයාට ඊයේ දිනයේදී මරණ දඬුවම නියම කෙරිණ.ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ, මෙය අපයෝජන සහ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනමින් තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවක් බවය.

මේ අතර ස්ත්‍රී දූෂණ ඇසිඩ් ප්‍රහාර එල්ල වීම් , බාල වයස්කාර විවාහ මානව ජාවාරම් ඉන්දියාව තුළ ඉහළ ගොස් ඇති බව එරට ක්‍රියාත්මක ක්‍රියාකාරි සංවිධාන පෙන්වා දෙයි.

Gossip Lanka Hot News Previous News Archive