Sex මදි වී පෙම්වතාට තඩි බායි !

ෆ්ලොරිඩාහි 50 හැවිරිදි කාන්තාවක් සිය තරුණ පෙම්වතාගේ ලිංගික හැසිරීම පිළිබඳ සෑහීමකට පත් නොවීම නිසා ඔහුට අමානුෂික ලෙස පහර දෙමින් සිටියදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වූවාය.ජෙනී ස්කොට් නමැති සැකකාරිය සිය 32 හැවිරිදි පෙම්වතා වන ජිබෙන්ටෝ ඩීලන්ට ඇයගේ නිවෙසට පැමිණෙන ලෙස ඇරැයුම් කළාය. දුරකතනයෙන් ගිවිසගත් පරිදි ඔහු ඇය සතුටු නොකළ බැවින් කුපිත වූ ජෙනී ඇඳ මත සිටි ඩිලන්ට පොල්ලකින් පහරදී තිබේ.
තවත් එම අඩුපාඩුව සිදු කළහොත් ඔහුට යකඩ පොල්ලකින් ගසා මරණයට පත් කරන බවද ඇය පවසා තිබේ. කෙසේ වෙතත් ඇඳ මත හිඳ පුද්ගලයකුට පහර දෙන ජෙනීව දුටු වෙනත් අයකු යුහුසුලුව ෆ්ලොරිඩාහි පොලිසිය ඇමැතුවේය. පොලිසිය පැමිණෙන විටත් කාන්තාව සිය පෙම්වතාට පහර දෙමින් සිටි අතර ඇයට මාංචු දමා රැගෙන යෑමට නිලධාරීහු කටයුතු කළහ.

Gossip Lanka Hot News Previous News Archive