ඉන්දීය වෛද්‍ය සිසුවිය දූෂණය කළ අයකු පොඩි ළමයකු බව උසාවිය පිළිගනියි

නව දිල්ලියේදී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව දූෂණය කළ 6 දෙනාගෙන් එක් අයෙකු බාල වයස්කරුවෙක් බව එරට උසාවිය තහවුරු කළේය. මෙම තැනැත්තාගේ උපන් දිනය 1995 ජුනි 4 වැනිදා බව පිළිගත් නිසා ඔහුව බාල අපරාධ විනිශ්චය අධිකරණයට යොමු කෙරිණි. මේ නිසා සිද්ධියට වරදකරු වුවහොත් ඔහුට උපරිම ලෙස වසර 3ක පරිවාස රැඳවීමක් නියම වනු ඇත.

අනිත් පස්දෙනා අධිවේගී නඩු විභාගයකට භාජන කොට ඇති අතර වරදකරුවන් වුවහොත් මරණීය දණ්ඩනය නියම වනු ඇත. මේ බාල අපරාධකරුවාගේ වයස තහවුරු කිරීමට ඔහුගේ මවුපියන් ලබාදුන් පාසල් ප්‍රගති වර්තා පිළිගැනීමට උසාවිය තීරණය කෙරිණි. කෙසේ වෙතත් මොහුගේ වයස තීරණය කිරීමට අස්ථි ආශි්‍රත වෛද්‍ය පරීක්ෂණයක් කරන බව පොලිසිය මේ අතර කියයි.
දැනට උසාවිය දී තිබෙන තීන්දුව නිසා විමතියට පත්ව සිටින වෛද්‍ය සිසුවියගේ පියා පවසන්නේ මේ තරම් ලොකු අපරාධයක් කළ පාපතරයකුට බාලයෙකු යැයි කියා දඬුවම්වලින් ගැලවී යෑමට ඉඩදීම තමාට විශ්වාස කළ නොහැකි බවයි. කෙසේ වෙතත් මේ තැනැත්තාගේ පාසලේ වර්තාවලින් මෙලෙස පෙන්නුම් කළත් ඒවායේ සත්‍ය අසත්‍යතාව තහවුරු කිරීමට තමන්ට නොහැකි යැයි පාසලේ විදුහල්පතිවරයා තවදුරටත් කියා තිබේ.

Gossip Lanka Hot News Previous News Archive