විරැකියාව අවම මට්ටමක ඇති රටවල් අතරට ශී‍්‍ර ලංකාව - Unemployment in Sri Lanka

විරැකියාව අවම මට්ටමක ඇති ලොව රටවල් අතරට ශී‍්‍ර ලංකාව ද එක්ව තිබේ. 2012 දෙවැනි කාර්තුව වන විට ශී‍්‍ර ලංකාවේ විරැකියා අනුපාතය 3.9 දක්වා පහත වැටී ඇත.

විරැකියාව අවම මට්ටමක ඇති රටවල් අතර ශී‍්‍ර ලංකාවේ සේවා නියුක්තිය ඉහළ මට්ටමක පවතින අතර එය 2012 වසරේ දෙවැනි කාර්තුව වන විට 96.1%ක අගයක් ගත් අතර එම සංඛ්‍යාව රටේ ජනගහනයෙන් ලක්ෂ 17ක් පමණ වන බව ද ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.


2005 වසරේ සිට මේ දක්වා රජය රැකියා සම්පාදනයට ගත් ප‍්‍රතිපත්තිමය කි‍්‍රයාමාර්ග මීට බෙහෙවින් හේතු සාධක විය. 2005 වසරේ දී උපාධිධාරීන් 45,000කට රජයේ ඍජු රැකියා අවස්ථා ලබා දුන් අතර තවත් උපාධිධාරීන් 10,000කට තරුණ අරුණ වැඩසටහන යටතේ රැකියා ලබා දීමට රජය පියවර ගත්තේය. මෙම වසර තුළ උපාධිධාරීන් 51,000ට වැඩි පිරිසකට රජයේ රැකියා පිරිනැමෙනු ඇත.

උතුරු නැගෙනහිර පළාත්වල යුද ගැටුම් අවසන්වීමත් සමග එම තරුණ තරුණියන්ට ද ස්වයං රැකියා පුහුණුව තුළින් රැකියා අවස්ථා උදාකර ඇත.

එසේම විදේශ රැකියා සඳහා පුහුණු ශ‍්‍රමිකයින් යැවීම සහ ඔවුන් පුහුණු කිරීම ඇතුළු රජය අනුගමනය කළ කි‍්‍රයාමාර්ග නිසා විදේශවලින් පුහුණු ශ‍්‍රමිකයන් සඳහා ඇති ඉල්ලුම ද ඉහළ ගොස් තිබේ.

ලෝක ආර්ථික අර්බුද ගැටුමේ ලොව බොහෝ ධනවත් රටවල පවා විරැකියා අනුපාතය සීග්‍රයෙන් ඉහළ යන අවස්ථාවක දී ලංකාවේ විරැකියා අනුපාතය අඛණ්ව පහත වැටීම සුවිශේෂි වන බව විද්වත්හු පවසයි.

Gossip Lanka Hot News Previous News Archive