ඉපදුණු විගස බිළිඳා මරා දමලා

නිවෙස පිටුපස පිහිටි ගල්තලාවකට ගොස් දරුවකු ප්‍රසූත කළ තරුණ මවක්, ඒ මොහොතේම පණපිටින් සිටි කිරිකැටියා මරා දමා තිබේ.මේ තිරිසන් ක්‍රියාව වාර්තා වන්නේ යක්කලමුල්ල මල්දෙණිය කන්දෙනි.

මරා දමා තිබෙන්නේ ගැහැනු දරුවෙකි. සැකකාරිය කහතුඩුව හොරණ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී 19 හැවිරිදි තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගැනීමෙන් පසු යක්කලමුල්ල මල්දෙණිය ප්‍රදේශයට පසුගිය දෙසැම්බර් මාසයේ පදිංචියට පැමිණ ඇති බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.මේ බිලිඳු ඝාතනය සිදුවී ඇත්තේ පසුගිය 02දා බව එම පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ.

සැකකාරිය කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත්කර ඇති අතර ගාල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් ඇය ලබන 15දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝගකොට ඇත.සැකකාරිය දැනට බන්ධනාගාර නිලධාරීන් බාරයේ රෝහලේ ප්‍රතිකාර ලබන අතර බිලිඳු මරණය පිළිබඳ මහෙස්ත්‍රාත් පශ්චාත් මරණ පරීක්‍ෂණය පෙරේදා පවත්වන ලදී. යක්කලමුල්ල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.



Gossip Lanka Hot News Previous News Archive