අගවිනිසුරු මොහාන් පීරිස්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ශ්‍රී ලංකා රේගුව, ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයාව සිටිය දී ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් බිලියන 600 කට වැඩි මුදලක පාඩුවක් සිදු කළ බව පවසමින් ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණ.

අදාළ පෙත්සම අද කැඳවා තිබු අවස්ථාවේදී එය විභාග කිරීමේ කටයුතුවලින් ඉවත් වන බව අගවිනිසුරු මොහාන් පීරිස් සහ කේ.එස්.ශ්‍රී. පවන් යන විනිසුරුවරු ප්‍රකාශ කළහ.


ඒ අනුව අදාළ පෙත්සම හෙට නව විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරෙන බව ශ්‍රේෂ්ටාධිකරණය ප්‍රකාශ කළේය.පෙත්සම ගොනු කළ නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පැවසුවේ රේගු බදු වංචා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව ඩොක්යාර්ඩ් (Dockyard) සමාගමට එරෙහිව පවරා තිබූ නඩුවක් වත්මන් අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපතිවරයා ලෙස කටයුතු කල සමයේ අත්තනෝමතික ලෙස ඉවත් කරගෙන ඇති බවයි.

මේ හේතුවෙන් රජයට රුපියල් බිලියන 619 කට අධික පාඩුවක් සිදු වී ඇති බවයි පෙත්සම්කරු කියා සිටින්නේ.මොහාන් පීරිස් හිටපු නීතිපතිවරයා විසින් මූලික අයිතීන් කඩ කිරීමක් සිදු කොට ඇති බවට ප්‍රකාශ කරන මෙන් ඉල්ලා අදාළ පෙත්සම ඉදිරිපත් කොට තිබේ.

පෙත්සම ඉදිරිපත් කිරීමෙන් පසුව තමන්ට තර්ජන එල්ලවී ඇතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පැවසුවේය.

Gossip Lanka Hot News Previous News Archive