Ironclad (2011)

මේ කතාව ගොඩනැගෙන්නේ ඉපැරණිතම ලියවිල්ලක් වටායි. 1215දී ජෝන් රජතුමා සි‍ටුවරුන්ගේ කැ‍රැල්ලකට පරාජය වීමෙන් අනතුරුව, ඔවුන්ගේ බලපෑම් මත මෙම ඓතිහාසික ලියවිල්ලට මුද්‍රා තැබුවේ කිසි කැමැත්තකින්, සතුටකින් නෙමෙයි.හේතුව ඔහුගේ රාජකීය බලය අත්‍යන්ත ලෙස සීමා සහගත කරලමින් එහි බලය සාමාන්‍ය මිනිසුන් වෙත පවරා දීමට ඉන් සිදු කළ බලකිරීම. රජු මීට එකඟ වුණේ තම රජකම ‍රැකගන්නට ඒ මොහොතේ වෙනත් විකල්පයක් නොතිබි නිසා. නමුත් මේ උත්සාහය තම අනභිබවනීය බලය තමන්ගෙන් උදුරා ගැනීම පිණිස වන බව ඔහු නොදැන සිටියා නොවෙයි. 

එනිසා ඉඩ ලද පළමු වෙනි මොහොතේම ඔහු මෙය මර්දනය කරලීම සඳහා තම උපරිම ශක්තිය යෙදවූවා. ඒ සඳහා ඉතා කූඨ ලෙස උපක්‍රමශීලීව කටයුතු කරමින් සියළු බල අධිකාරීන්ගේ ආශිර්වාදය ලබා ගැනීමටත් ඔහු සමත් වුණා.


මේ අතරේ රජුගේ මේ වැඩ පිළිවෙළ වළක්වාලමින් එංගලන්තයට උදාවූ නිදහස ‍රැක ගැනීමට ඉතා සුළු පිරිසක් ස්වේච්ඡාවෙන් පෙළගැසුණා. ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යයට පින් සිදු වන්නට අද අපට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නට ඉඩ සැලසී තිබෙනවා. තමන්ගේ ජීවිත පරදු තබමින් ඔවුන් ‍රැක දුන් ඒ ළදරු ප්‍රජාතන්ත්‍රවාදය කෙමෙන් මුහුකුරා ගොස් අද එහි ඉහළතම තැනට පත්වෙලා.
Genre: Action, Adventure

Director: Jonathan English

Actors: Jason Flemyng, Paul Giamatti

Writer: Jonathan English

Length: 121 min

Release Date: 26 July 201




සම්පුර්ණ චිත්‍රපටය online නරබන්න

Gossip Lanka Hot News Previous News Archive