ලිංගික අතවරවලින් බේරෙන්න මුම්බායි කතුන්ට පිහිය

පිහියා ලබාගැනීමට පොරකන කතුන්

ස්තී‍්‍ර දුෂණ දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ මුම්බායි නුවර කාන්තාවන්ට පිහියා බෙදා දීමට එරට අන්ත දක්ෂිණාංශික දැඩිමතධාරී ශිව්සේනා පක්ෂය ඊයේ (24) පියවර ගත්තේය.
පිහියා බෙදා දීම සිදුවුණේ ඉකුත් නොවැම්බරයේ එම පක්ෂයේ නායක අභාවප‍්‍රාප්ත ලාල් තැකරේගේ ජන්ම දිනය නිමිත්තෙන් පැවැති විශේෂ ගුණ සමරු උත්සවයකදීය.
ශිව්සේනා පක්ෂය වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාජික අජේ චෞද්‍රි පිහියා බෙදා දෙමින් සිටියේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තය පුරා කාන්තාවන්ට පිහියා 21,000 ක් බෙදා දීමට තම පක්ෂය සූදානම් බවය.

කාන්තාවන්ට සිදුවන අපරාධ සහ ලිංගික අඩන්තේට්ටම් සම්බන්ධයෙන් මුළුමහත් ඉන්දියාවම කැළැඹී ගියේ ඉකුත් දෙසැම්බරයේ 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක නවදිල්ලි නුවර බස් රියක් තුළ සමූහ අතවරයටත් පහර කෑමටත් ලක් වී බරපතල තුවාල ලබා පසුව මියයෑමේ සිද්ධිය මුල්කොට ගනිමිනි. ඒ සම්බන්ධ කඩිනම් නඩු විභාගය විශේෂ අධිකරණයක් ඉදිරියේ ඊයේ (24) ආරම්භ විය.

Gossip Lanka Hot News Previous News Archive