සනත් ජයසුරිය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා කිරීම වරදක් - අර්ජුන රණතුංග

සනත් ජයසුරිය මහතා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්වීම් වරදක් ලෙස නොසිතන නමුත් ඉතාමත් කෙටි කාලයකදී මෙවැනි තනතුරකට පත්වීම ඉදිරියේදී ප්‍රශ්නයක් විය හැකි බව අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කරයි.

සනත් ජයසූරිය මහතා තවමත් විශ්‍රාම ගිය බවක්වත් සඳහන් කර නොමැති තත්වයක් තුළ ඔහු මෙම තනතුරට පත්කිරීම ගැටළු සහගත බව ඔහු පෙන්වා දෙයි. ක්‍රිකට් තේරීම් කමිටුවට නව සභාපතිවරයා පත්කිරීම පිළිබද අදහස් දක්වමින් ඔහු මේ බව පවසා තිබුණා. පසුගිය කාලයේ පැවැති දේශපාලන බලපෑම් නිසා ප්‍රවීණ ක්‍රකිකට් ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ තේරීම් කමිටුවට සම්බන්ධවීමට අකමැත්තෙන් සිටින බවද ඔහු පෙන්වා දෙයි.


පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතා ඊයේ (25) මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයාගේ අනුමැතිය සහිතව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබේ. අසන්තද මෙල් මහතා සභාපතිත්වය දැරූ තේරීම් කමිටුවේ නිල කාලය පසුගිය දෙසැ.31 දින අවසන් වුණා. මේ අතර ප්‍රවීණ ක්‍රිකට් විචාරක හරිත පෙරේරා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ සනත් ජයසූරිය මෙය දේශපාලන පත්වීමක් ලෙස නොසලකා සිටියහොත් පමණක් මෙම කාර්ය ඔහුට කළ හැකි බවය.

Gossip Lanka Hot News Previous News Archive