හසලක දැරියන් සය දෙනකු තුළ අසාමාන්‍ය රෝග ලක්ෂණ

හසලක උඩුදහ ප්‍රදේශයේ බාල වයස්කාර දැරියන් සය දෙනකුගේ ලිංගේන්ද්‍රියෙන් අසාමාන්‍ය ලෙස රුධිරය වහනය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත. හසලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුරංග විතාන මහතා පොලිසියට කළ ලිඛිත දැනුම්දීමක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඉකුත් 17 වැනි දින ප්‍රදේශයේ එක් දැරියකගේ මවක් තම 12 හැවිරිදි දියණියගේ ලිංගේන්ද්‍රයෙන් රුධිරය වහනය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයා මුණගැසී ඇත. එහිදී දැරියගේ මව පවසා ඇත්තේ තම දියණිය අවුරුදු 2-3 වයසේදී වැඩි වියට පත්වූ බවයි.

වෛද්‍යවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය පවසා ඇත්තේ එසේ වැඩිවියට පත්වුවත් ඔසප්වීමක් සිදු නොවූ බවයි. මේ පිළිබඳ වෛද්‍යවරයාට ඇති වූ සැකයක් මත අසල්වැසි සම වයසේ දැරියන්ගේ මවුපියන්ගෙන්ද කරුණු විමසා ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ ගම්මානයේ අසල්වාසී සම වයසේ දැරියන් සය දෙනකුම මෙම තත්ත්වයට මුහණ පා ඇති බවයි.

Gossip Lanka Hot News Previous News Archive