ඔස්ට්‍රේලියාව 6වන වරටත් ලෝක කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගනී


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයේදි ලකුණු 114ක ජයක් වාර්තා කළ ඔස්ට්‍රේලියාව 10වන කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට අද සමත් විය.මෙය ඔස්ට්‍රේලියා කණ්ඩායමක් කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගත් 6වන අවස්ථාවවීම ද විශේෂත්වයකි.ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාවේ, මුම්බායිහි බ්‍රබෝන් ක්‍රීඩාංගණයේදි දිවා/රාත්‍රී තරගයක් ලෙස පැවැත්විය.

කාසිය වාසිය දිනු ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තිරණය කළාය.ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලු 7ක් දැවී ලකුණු 259ක් ලබා ගැනීමට සමත් විය.ඔස්ට්‍රේලියාවේ පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 52කි.


දෙවන කඩුල්ල වෙනුවෙන් ද ඔවුන් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය.ජේස් කැමරන් ලකුණු 75ක් ලබා ගත්තාය.රැචියල් හයාන්ස් ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූවාය.ශක්යානා ක්ටයින් ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තාය.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 43යි පන්දු 1ක් අවසානයේදි ලබාගත හැකි වූයේ ලකුණු 145ක් පමණි.මෙරීසා අගියුලිරියා ලකුණු 23ක් ලබාගත් අතර ඩේඩ්රන් ඩෝටින් ලකුණු 22ක් ලබා ගත්තාය.

පන්දු යැවීමේදි එලීසා පේරී ලකුණු 19ට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූවාය.අවසන් මහා තරගයේ වීරයා සම්මානය ඔස්ට්‍රේලියාවේ ජේස් කැමරන් හිමිකර ගත්තාය.10වන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්ත නායිකා සුසී බේට්ට හිමි වූවාය.


Gossip Lanka Hot News Previous News Archive