ආසන සංවිධායක තනතුරක් නැති ලංකාවේ එකම පුද්ගලයා මමයි

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයෙන් පාර්ලිමේන්තුවට තමා ඇතුළු මන්ත්‍රීවරුන් 60 දෙනෙකු තේරී පත්වුවද දැන් සිටින්නේ 42 දෙනෙකු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි. ලංකාවේ ආසන 160ක් ඇති නමුත් ඉහත ප්‍රතිඵලයට අනූව ආසන 120ක පමණ ආසන සංවිධායකවරුන් පත්කර නැති බවද එසේම අවුරුදු 3කින් ආසන සංවිධායක තනතුරක් නැති ලංකාවේ එකම පුද්ගලයා තමන් බවද ඔහු කියයි.කඹුරුපිටියේදී අද (16) පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවසීය.

වනමල් පියළි විල්ලුද බුමුතුරුණු උඩ... යන මිනිහෙක්ගේ ගමනින් නැත ලොවට වැඩ... ඇණ උල් තියුණු ගල් මුල්වල මුලද මැඩ... පෙරටම යන ගමන හිතවත කොපමණ ද හැඩ... යනුවෙන් වැදගත් කියමනක් ඇතැයිද එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා එහිදී කියා සිටියේය.

එම කියමනට අනූව කැපිලි කෙටිලි බාධක සියල්ල මැඩගෙන ඉදිරියට යා යුතු බවත් තමන්ද අනුගමනය කරන්නේ එම ක්‍රියාදාමය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive