2012 වෙළඳ ශේෂ හිඟය අඩු වෙයි

ආනයන පාලනය කිරීමේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක වීම නිසා, 2011සමග සන්සන්දනය කිරීමේ දී 2012 ශී‍්‍ර ලංකාවේ වෙළෙඳ හිඟය 4.1%කින් එනම් ඩොලර් බිලියන 9.3කින් අඩු වී ඇත.එය සිදු වී ඇත්තේ ඇත්තේ අපනයන ආදායම ද පහත වැටුණු තත්ත්වයක් යටතේය.

ආයෝජන භාණ්ඩ ආනයනය වෙනුවෙන් වියදම වැඩි වුව ද පාරිභෝගික භාණ්ඩ සහ අන්තර් භාණ්ඩ ආනයනය ක‍්‍රමයෙන් 2012 අපේ‍්‍රල් සිට අඩු වූයේ රාජ්‍ය ප‍්‍රතිපත්ති නිසා බව මහ බැංකුවේ විදේශ කාර්ය සාධන වාර්තාව සඳහන් කරයි.2012 අපනයන ආදායම ද අඩු වුණේ ගෝලීය ඉල්ලුම දුර්වල වීම නිසාය. එහෙත් 2012 වෙළෙඳ හිඟය හැකිළී ගොස් තිබේ යැයි ද මහ බැංකුව සඳහන් කරයි. 2012 දෙසැම්බර් මස අපනයන ආදායම පහත වැටිණි. කාර්මික අපනයන ආදායම පහත වැටුණු අතර කෘෂි නිපැයුම් තේ අපනයන ආදායම ඉහළ ගොස් තිබිණ. 2012 මැයි සිට තේ මිල ඉහළ ගොස් තිබුණු නිසා අපනයන ආදායම් තත්ත්වය හිතකර විය.


ආහාර ආනයනය සහ වාහන ආනයනය සෑහෙන දුරට අඩුවීම නිසා ඒ සඳහා වියදම ද 2012 දෙසැම්බර් මස අඩු විය. මෝටර් රථ සඳහා විශාල බදු පැනවීම නිසාත් ඉන්ධන මිල වැඩිවීම නිසාත් 2012 පෙබරවාරි මස ආනයන වියදම අඩුවෙන් පවතී.

2012 අපනයන ආදායම 7.4%ක් එනම් ඩොලර් බිලියන 9.77 අඩු වුණු අතර ආනයන විදම් 5.8% එනම් ඩොලර් බිලියන 19.09 අඩු විය. සංචාරක ව්‍යාපාර ඉපයීම් 7.4%ක් එනම් ඩොලර් බිලියන 9.77කින් වැඩි වුණු අතර වසරේ සංචාරකයන්ගේ පැමිණීම 1,005,605 විය. එය 17.5% වර්ධනයකි.

භාණ්ඩාගාර බිල්පත් සහ කොටස් වෙළඳ පොළේ ආයෝජන මඟින් රජය ලැබු ආදායම 20.8%ක් වැඩි විණි. එනම් ඩොලර් බිලියන 5.257 විය. දළ නිල සංචිත ඩොලර් බිලියන 6.887 විය. මුළු ජාත්‍යන්තර සංචිතවල වටිනාකම 2012 අග වන විට ඩොලර් බිලියන 8.358ක් විය. එය දළ නිල සංචිත සහ වාණිජ බැංකුවල විදේශ වත්කම් ද ඇතුළුව ය.

Gossip Lanka Hot News Previous News Archive