ඡන්ද දිනන්න ආසන සංවිධායකයන් ඕනෑ නෑ - Ranil

මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා තමන්ට ආසන සංවිධායකයන් අවශ්‍ය නැති බවත්, වෘත්තීය සමිතිවල සහයෝගය පමණක් සෑහෙන බවත්, රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. ඒ සඳහා අවශ්‍ය බලය වෘත්තීය සමිතිවලට ලබාදීමට පක්‍ෂ නායකයා ලෙස තමන් සූදානම් යැයිද ඒ මහතා අවධාරණය කර ඇත.

පසුගිය 12 වැනි දින පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවැති එකී සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉහත සඳහන් අදහස් පළකර ඇත.එක්සත් ජාතික පක්‍ෂයේ ආසන සංවිධායකවරුන්ගෙන් පලක් නැති බවත්, ඕනෑම අයකුට තමන්ගේ අනුමැතිය මත ආසනවල ශාඛා සමිති පිහිටුවීමට ඉඩ ලබා දෙන බවත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.


ජාතික සේවක සංගම් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙහිදී එජාප නායකයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එජාපය විවේචනය කරන එජාපයේම ආසන සංවිධායකවරුන් ගණනාවක් සිටින බවත්, ඔවුන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට "කඩේ යන්නන්" බවත්ය.

තමන්ගේ තීරණවලට අනුව ඔවුන්ට කටයුතු කළ නොහැකි නම් පක්‍ෂයෙන් ඉවත්ව යෑමට කිසිදු බාධාවක් නැතැයිද මෙහිදී එජාප නායකයා පවසා තිබේ. මාසිකව පැවැත්විය යුතු මෙම ජාතික සේවක සංගම් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පසුගිය 12 වැනිදා පැවැතියේ වසරකට පමණ පසුවය. ඊට තිස්ස අත්තනායක, ජයලත් ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුද සහභාගි වී සිටියහ.

Gossip Lanka Hot News Previous News Archive