ජිනීවා සමුළුවේදී රුසියාවේ සහාය ශ‍්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී කුමන යෝජනාවක් ඉදිරිපත් වුවද එය පරාජය කිරීමට ශ‍්‍රී ලංකාවට සහාය ලබාදෙන බව රුසියාව පවසනවා. ශ‍්‍රී ලංකාවේ රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවා පෙන්වා දෙන්නේ බටහිර රටවලින් එල්ල වන බලපෑම්වලින් ශ‍්‍රී ලංකාව වැනි රටවල් ආරක්ෂා කරගැනීමට රුසියාව මැදිහත්කරුවකු ලෙස කි‍්‍රයාකරන බවයි. රුසියානු තානාපතිවරයා සහ අග‍්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා අතර හමුවක් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී තානාපතිවරයා මෙම අදහස් පළ කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ඉදිරිපත් කරන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කළේය.එහි මාධ්‍ය ප්‍රකාශිකා වික්ටෝරියා නියුලන්ඩ් මහත්මිය දෛනික ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව අනාවරණය කළේය.


US CONFIRM PLANS TO INTRODUCE RESOLUTION ON SRI LANKA

Gossip Lanka Hot News Previous News Archive