ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති පුටුව උපුල් ජයසූරියට

ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙකු තෝරා පත්කරගැනීම සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් නීතීඥ උපුල් ජයසූරිය මහතා වැඩි ඡන්ද 2000 ට ආසන්න සංඛ්‍යාවකින් සභාපති ධුරය හිමිකර කර ගෙන තිබේ.

නිලවරණය සඳහා ජනාධිපති නීතීඥ ටිරන්ත වලලියද්ද, නීතීඥ උපුල් ජයසූරිය සහ නිතීඥ ආර්.ආර්.එස් තංගරාජා යන මහත්වරු තරඟ වැදුණහ.ඔහු කොළඹින් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 1471 ක් වන අතර, ඔහු සමග සභාපති ධුරය සඳහා ඉදිරිපත් වූ නීතීඥ ටිරන්ත වළලියැද්ද මහතා කොළඹින් ලබාගත් ඡන්ද සංඛ්‍යාව 330 කි. අනෙක් අපේක්ෂකයා වූ නීතීඥ ආර්.ආර්.එස්. තංගරාජා මහතා ඡන්ද 77 ක් ලබාගෙන ඇත.කොළඹ ප‍්‍රතිඵලය අනුව වැඩි ඡන්ද 1141 කින් ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් නීතීඥ උපුල් ජයසූරිය තේරී පත්විය.

මෙම නිලවරණය සඳහා වූ ඡන්ද විමසීම කොළඹ දිසා අධිකරණ පරිශ‍්‍රය ඇතුලූ තවත් දිවයින පුරා පිහිටි අධිකරණ පරිශ‍්‍ර 73 ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණ.

මෙම ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කළේ සොලිසිටර් ජනරාල් යුවන්ජන් විජේතිලක මහතාය.

මෙතෙක් ශ‍්‍රී ලංකා නිතීඥ සංගමයේ සභාපති ධුරය දැරූ ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතාගේ ධූර කාලය අවසන් වීමෙන් පසු පුරප්පාඩු වූ අදාළ තනතුර සඳහා නීතීඥයෙකු පත්කර ගැනීමට මෙම නිලවරණය පැවැත්විණි.



  Upul Jayasuriya elected President of the Bar Association of Sri Lanka

Gossip Lanka Hot News Previous News Archive