අඩු පිරිවැයකින් ජීවත්විය හැකි ලොව ප්‍රධාන නගර අතරට කොළඹත්

"Colombo Among Cheapest Cities in the World "
අවම පිරිවැයකින් ජීවත්විය හැකි ලෝකයේ ප්‍රධාන නගර දහය අතරට ශ්‍රී ලංකාවේ කොළඹ නගරයද ඇතුළත්ව තිබේ. ලෝක ආර්ථික බුද්ධි ඒකකය (Economist Intelligence Unit) මඟින් සිදුකළ සමීක්ෂණයකට අනුව මේ බව හෙළිවී තිබෙන අතර එහිදී ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.

මෙය එම බුද්ධි ඒකකය මඟින් වාර්ෂිකව සිදුකරන සමීක්ෂණයක් වන අතර එහිදී වාර්තාවක්ද නිකුත්කර තිබේ. අවම පිරිවැයකින් ජීවත්විය හැකි ලෝකයේ ප්‍රධාන නගර අතර ඉදිරියෙන්ම සිටිනුයේ පාකිස්තානයේ කරච්චි නගරය වන අතර ඉන්දියාවේ මුම්බායි නගරය දෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත.ඉන්දියාවේ නවදිල්ලිය තෙවැනි ස්ථානයද, නේපාලයේ කත්මණ්ඩු සිවුවැනි ස්ථානයද, ඇල්ජීරියාවේ ඇල්ජියස් පස්වැනි ස්ථානයටද පැමිණ තිබෙන අතර රුමේනියාවේ බුචාරස්ට් හයවැනි තැන හිමිකරගෙන තිබේ.


ඊට අමතරව පැනමා දේශයේ පැනමා අටවැනි ස්ථානයද, සෞදි අරාබියාවේ ජෙඩා නවවැනි ස්ථානයද ඉරානයේ ටෙහෙරානය දසවැනි ස්ථානයද හිමිකරගෙන ඇතැයි ලෝක ආර්ථික බුද්ධි ඒකකයේ නවතම වාර්තාව මඟින් පෙන්වා දෙයි.

නිවාස, ආහාර, සනීපාරක්ෂාව, ඇඳුම් පැළඳුම්, ප්‍රවාහන, විදුලිය හා පානීය ජලය ඇතුළු අංගයන් 160 ක් සමබ්නධයෙන් අවධානය යොමු කොට මේ සමීක්ෂණය සිදුකර තිබේ. මේ අතර ජපානයේ ටෝකියෝ සහ ඔසාකා නගර ලොව වැඩිම පිරිවැයක් සහිත නගර බව ලෝක ආර්ථික බුද්ධි ඒකක වාර්තාව මඟින් පෙන්වා දෙයි.

Gossip Lanka Hot News Previous News Archive