මරණවා නම් වහාම මරනු !

බෝගම්බර බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙක් විරෝධතාවක් අරඹති.මරණීය දණ්ඩනය නියමවූ රැදවියන් තිදෙනෙක් අද(5) උදෑසන බෝගම්බර බන්ධනාගාරයේ වහලය මතට නැගී මෙසේ විරෝධතාවක් අරඹා තිබේ.

ඔවුන් ඉල්ලා සිටියේ තමන් නිදහස් කිරීමට නොහැකිනම් එල්ලා මරණ ලෙසයි.මේ පිලිබදව බෝගම්බර ජ්‍යෙෂ්ට බන්ධනාගාර අධිකාරී තිස්ස ජයසිංහ මහතාගෙන් කල විමසීමේ දී ඔහු සදහන් කලේ සිද්ධිය සම්බන්ධව ප්‍රධාන කාර්යාලය දැනුවත්කර ඇති බවයි.මේ වන විටද මෙම රැදවියන් බන්ධනාගාර වහලය මත රැදි විරෝධතාවයේ නිරත වන බව වාර්තා වෙයි.


 මෙම තිදෙනාගෙන් ද්‍රවිඩ ජාතිකයකුවූ එක්‌ අයකු මඩකලපුව මහාධිකරණයෙන් මරණීය දණ්‌ඩනය නියම වූවෙකි. අනෙක්‌ දෙදෙනා සිංහලයෝය. ඔවුහු අම්පාර මහාධිකරණයෙන් දඬුවම් ලැබූවෝ වෙති.
ශ‍්‍රී ලංකාවේ මරණ දඬුවම නියමවූ රැඳවියන් රඳවා සිටින්නේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සහ කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ පමණයි. වැලිකඩ බන්ධනාගාරය තුළ පමණක් සිටින මරණ දඩුවම නියමවූ සිරකරුවන් සංඛ්‍යාව 241. බෝගම්බර බන්ධනාගාරයේ මරණ දඬුවම නියමවූ සිරකරුවන් 118 ක් රඳවා සිටිනවා.
මෙරට අවසන් වරට මරණ දඬුවම ක‍්‍රියාත්මක වී ඇත්තේ 1976 ජූනි 23 වැනිදායි. ඉන් පසු දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් අධිකරණය මරණ දඩුවම ලබාදී ඇතත් එය ක‍්‍රියාත්මක නොවී එම වැරදිකරුවන් ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට යටත් කෙරෙනවා. ජනාධිපතිවරයාගේ අනුමැතිය නොමැතිව මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වීම ඊට හේතුවයි.
වැලිකඩ බන්ධනාගාරයේ අලූගෝසු තනතුර ඉසිලූ පුද්ගලයාට මෑතකදී උසස්වීමක් ලැබුණු අතර ඔහු එම බන්ධනාගාරයේම නිලධාරියෙකු ලෙස කටයුතු කරනවා. එම නිසා පුරප්පාඩු වූ අලූගෝසු තනතුරට වෙනත් දෙදෙනෙකු බඳවාගෙන සිටින බවයි වැලිකඩ බන්ධනාගාරයේ ප‍්‍රකාශකයෙකු පැවසුවේ. ඔවුන්ට මේ වනවිට පුහුණුවක්ද ලබාදී තිබෙනවා.
ඔවුන් විරොධතාව දැක්වු අයුරු දැක්වෙන වීඩියෝව පහතින්
 
Three prisoners want death sentence carried out . Three prison inmates who were sentenced to death have begun a protest on top of the roof in Bogambara prison, prison department said. The inmates had launched the protest asking to carry out their death sentence or to release them.

Gossip Lanka Hot News Previous News Archive