මර්වින්ට යළි පත්වීම දෙන්නයි විෂ්ණුට ඉල්ලීමක්

ඊයේ  (6) , කැලණිය උත්පලවර්ණ විෂ්ණු දේවාලය ඉදිරිපිටදී ආචාර්ය මර්වින් සිල්වා වෙනුවෙන් දේව කන්නලව්වක් පැවැත්විණි. එහිදී ලියාගෙන පැමිණි සිව් පද කවියක් ඇමැතිවරයාගේ සෙත පතා යැයි කියමින් ඔහුගේ අනුගාමිකයන් විසින් 108 වාරයක් ගායනා කිරීම සිදුවිය.


සෙත් කවියක් යැයි කියනු ලැබු එම කවිය මෙසේය.

දෝස දුරකර රකින යහදන පියෙක් දරුකැල රකින විලසි න
දිවැස යොමුකර බලන මුළු ලොව උවිඳ වෙණු සුරරදුනි සිරිග න
නැනැස මර්වින් සිල්ව දනහට පැමිණි රුපුබල බැහැර කරමි න
සතොස තනතුරු දියුණු කරමින රකින ලෙස ඔහු යදිමි බැතියෙ න


ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැලණිය සංවිධායක ධුරය සදහා නැවත වරක් මර්වින් සිල්වා අමාත්‍යවරයා පත් කරගැනීම මෙම දේව කන්නලව්වේ අරමුණ වූ අතර කැලණිය ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල ජනතාව මෙම දේව කන්නලව්වට සහභාගී වූහ. ඉන්පසුව පනස් නමක් පමණ මහා සංඝරත්නය දේවාලය ඉදිරිපිට සෙත් පිරිත් කීහ.
හසිත මඩවල ඝාතනයෙන් පසු මර්වින් සිල්වාට කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර ,හසිත මඩවල ඝාතනය විෂ්ණු දෙවියන්ගේ වැඩක් යයි මර්වින් සිල්වා කිවේය.
මර්වින් සිල්වාට එරෙහිව විනය ක්‍රියා මාර්ග ගැනීමක් සිදුවෙතැයි මුලින් ප්‍රකාශ වී තිබුනද ජනවාරි 22 දා රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට මර්වින් සිල්වා තහනම් මාතෘකාවක් වූ බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේය .
කවුරු මොන චෝදනා කලත් මර්වින් සිල්වා කැළණියෙන් ප්‍රතික්ෂේප වි නැති බවත් ,බුදුන් වහන්සේට පස්වග මහනුන් සිටියා සේ තමන්ට පස්වග අනුගාමිකයන් සිටින බවත් කැලණිය ආසනයේ කොහල්විල,නා හේන,හුණුපිටිය යන ප්‍රදේශ වල දී ජනවාරි 20 දා පැවති වතු රැස්වීම් අමතමින් ආචාර්ය මර්වින් සිල්වා ඇමතිවරයා සදහන් කළේය . 'මගේ අත්වල ලේ තැවරී නැහැ ,මගේ දෑත් පිරිසිදුයි යනුවෙන් ද ආචාර්ය මර්වින් සිල්වා එහිදී කිවේය.
හසිත ගේ ඝාතනයට සැකපිට පොලිස් අත්ඩංගුවට පත්වූවන් අතරෙහි මර්වින්ගේ ප්‍රධාන පෙලේ අනුගාමිකයන් තිදෙනෙක් වෙති.

Gossip Lanka Hot News Previous News Archive