ඩොලර් ගිල රුපියල් දෙන මැෂිමක් ධර්මපාල මාවතේ

Sampath Bank commissions forex changing ATM
විදේශීය මුදල් ඇතුළු කළ පසුව රුපියල් ලබාගත හැකි දේශීය බැංකුවක් විසින් මෙරට ස්ථාපිත කළ පළමු ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍රය සම්පත් බැංකුව විසින් මහ බැංකු අධිපති අජිත් නිඩාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ධර්මපාල මාවතේ දින 365 පුරාම ගනුදෙනු කරන සම්පත් බැංකු ශාඛාවේ විවෘත කරයි.

මෙම යන්ත්‍රය මගින් ගණුදෙනු කිරීමට ATM කාඩ්පතක්‌ අවශ්‍ය නොවන අතර මෙම පහසුකම ලබාගැනීමට සම්පත් බැංකු ගිණුම් හිමියෙකුවීම අවශ්‍ය නොවේ. භාවිතා කරන්නාගේ කැමැත්ත අනුව ඔහුගේ හෝ ඇයගේ විදේශ ගමන් බලපත් අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය මේ සඳහා භාවිතා කළ හැක. මූලික අවස්‌ථාවේ  ඩොලර් පමණක්‌ හුවමාරු කළ හැකි අතර, නුදුරු අනාගතයේ අනිකුත් විදේශ මුදල් සඳහා ද ඉඩහසර ලබා දීමට සම්පත් බැංකුව බලාපොරොත්තු වේ.


මෙම ATM යන්ත්‍රය හරහා මුදල් හුවමාරුවේ දී ලැබෙන සුවිශේෂි වාසි අතරින් එකක්‌ නම් ආකර්ශණිය විනිමය අනුපාතික අනුව විදේශ මුදල් රුපියල් බවට පත්කර ගැනීමයි. එමෙන්ම ගනුදෙනුකරුට ශ්‍රී ලංකාවේ රුපියල්, නෝට්‌ටු සහ කාසි වලින් ලබා ගත හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ මුදල් හුවමාරු ATM යන්ත්‍රය විවෘත කරමින් එහි ඇති සුවිශේෂත්වය ගැන අදහස්‌ පළ කළ කබ්රාල් මහතා සම්පත් බැංකුව විදේශ මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කිරීම සඳහා ATM යන්ත්‍රයක්‌ හඳුන්වා දීම තුළින් පෙන්වා දෙන්නේ නව්‍යකරණය තුළ ඔවුන්ගේ ඇති පෙර දැක්‌ම සහ ඒ කෙරෙහි ඇති ඔවුන්ගේ ප්‍රමුඛතාවය බවයි.

"මම ස්‌තුතිවන්ත වෙනවා සම්පත් බැංකුව සහ එහි කළමනාකාරීත්වයට මෙම නව ක්‍රමවේදයට ප්‍රමුඛත්වය ගැනීම පිළිබඳව සහ මම බලාපොරොත්තු වෙනවා නුදුරු අනාගතයේ දී ප්‍රමුඛත්වය ගෙන මෙවැනි නව හඳුන්වාදීම් කරනු ඇති බවට."

මෙහිදී, සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්‍ෂ අරවින්ද පෙරේරා මහතා පවසා සිටියේ "නව්‍යකරණ බැංකු ක්‌ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සම්පත් බැංකුව තවත් විප්ලවීය හඳුන්වාදීමක්‌ කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම විදේශ මුදල් හුවමාරු ATM යන්ත්‍රය හඳුන්වාදෙනු ලැබුවා.

අපි පාරිභෝගිකයන්ගේ පහසුව උදෙසා හොඳම සේවාවක්‌ ලබා දීමට දැනුවත් භාවයකින් සිටිනවා" සම්පත් බැංකුව නිරතුරුවම ශ්‍රී ලාංකේය බැංකු ක්‌ෂේත්‍රයේ නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියෙන්ම සිටිනවා."

වැඩිදුරටත් ඔහු අදහස්‌ දක්‌වමින් "අපි ප්‍රථම ATM ජාලය රටට හඳුන්වා දීමට ප්‍රමුඛව කටයුතු කළා. ප්‍රථම ධබ ඛසබැ චෙක්‌ තැන්පත් යන්ත්‍ර හඳුන්වා දුන්නෙත් අපියි. එලෙසම ශ්‍රී ලාංකේය ජනතාවට නව්‍යකරණ මූල්‍ය සේවා පහසුකම් රැසක්‌ අප ලබා දුන්නා. රටට අපිව අවශ්‍ය හැම විටකදීම අපි ජනතාව සමඟ සිටියා. උදාහරණයක්‌ ලෙස, සුනාමි ව්‍යසනයේදී පවා විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සහ ශ්‍රී ලාංකික නොවන සියලුම පරිත්‍යාගශීලින්ට තමන්ගේ මූල්‍යමය ආධාර ලංකාවට එවන්නට තිබූ ප්‍රධානතම මගක්‌ වූයේ සම්පත් පේමන්ට්‌ ගේට්‌වේ අන්තර්ජාල ගෙවීම් පහසුවයි. අපි පොරොන්දු වෙනවා නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස ඉදිරියටත් කටයුතු කරන බවට".

මෙම නව ATM ජාලයේ 2 වන යන්ත්‍රය අවුරුද්දේ දින 365 ම පෙරවරු 7.00 සිට රාත්‍රී 10.00 දක්‌වා කොළඹ 7 ධර්මපාල මාවතේ සම්පත් බැංකු සුපිරි ශාඛා පරිශ්‍රයේ විවෘතව ඇත. විදේශ මුදල් හුවමාරු අවශ්‍යතාවයන් පවතින මහනුවර, දඹුල්ල සහ මීගමුව යන නගරයන් හි ඉදිරියේ දී විදේශ මුදල් හුවමාරු ATM යන්ත්‍ර විවෘත කිරීමට සම්පත් බැංකුව නව්‍යකරණයේ ප්‍රමුඛයා ලෙස ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි.

Gossip Lanka Hot News Previous News Archive