ලාංකිකයාගේ මරණ දඬුවමට එරෙහිව අභියාචනයක්

 කටාර්හි මරණ දඬුවම නියමව සිටින ශ්‍රී ලාංකික තරුණයා සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගෙන තිබේ.එහි කම්කරු සුබසාධන නිලධාරි ඩබ්ලිව්.ඒ.එම්. වන්සේකර මහතා පැවසුවේ ඒ පිළිබඳව පසුගියදා කටාර්හි නීතිඥවරයෙකු හමුවී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළ බවය.
ඊට වැය වන නඩු ගාස්තු ගෙවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතිය ලැබී ඇති බව ඔහු පැවසීය.එරට නීතිය අනුව මරණ දඬුවම නියමවීමෙන් පසු අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා දින 60 ක් කාලයක් හිමි වේ.අදාළ ශ්‍රී ලාංකික තරුණයාට මරණ දඬුවම නියමවී ඇත්තේ පසුගිය දෙසැම්බර් 31 වැනිදා ය.මේ අතර වන්දි මුදලක් ලබා ගැනීමෙන් අනතුරුව ඔහුට සමාව දීම සඳහා මියගිය පුද්ගලයාගේ ඥාතීන් එකඟ වී තිබේ.වන්සේකර මහතා පැවසුවේ එම වන්දි මුදල ලබාදීමට මරණ දඩුවම හිමිව සිටින පුද්ගලයාගේ ඥාතීන් ද එකඟවී ඇති බවය.


කටාර්හි සේවය කළ ඉන්දීය ජාතික තරුණයෙකු පිහියෙන් ඇන ඝාතනය කිරීම හේතුවෙන් එලෙස මරණ දඬුවම නියම වී සිටින්නේ, වෙන්ගඩාසලම් සුදේශ්කර් නැමැති විසි දෙහැවිරිදි ශ්‍රී ලාංකික තරුණයාටය.

කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුදේශ්කර් 2010 වසරේ මාර්තු මාසයේදී කටාර්හි රැකියා සඳහා ගොස් ඇති අතර 2011 වසරේ ජූනි මාසයේදී ඔහු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.
Embassy in Qatar takes steps to appeal the death sentence imposed on Sri Lankan

Gossip Lanka Hot News Previous News Archive