පැරණි සිංදුවක් උස්සා ඉරාජ් ලෙඩක් දාගනියි

හර්බට් එම්. සෙනවිරත්න මහතා ලියූ ගීතයක පදමාලාව අනවසරයෙන් ගෙන විකෘතිකර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි කියන ගායක ඉරාජ් වීරරත්නට ලබන 19 වැනිදා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ පෙනී සිටින්නැයි එහි විනිසුරු ගාමිණී රොහාන් අමරසේකර මහතා අද (01) නියෝග කළේය.

හර්බට් මහතා මෙම ගීයේ පදවැල ලියා ඇත්තේ මීට වසර 63කට පෙර බවද මෙහිදී හෙළි විය.මියගිය සෙනවිරත්න මහතාගේ බිරිය වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න ඉරාජ්ගෙන් රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ මෙම නඩුව පවරා තිබේ.


ඉරාජි මෙසේ සොරා ගත්තේ යැයි පැවසෙන්නේ 'මට ආලෝකෙ ගෙනදේවි සන්සාරයේ' යන ගීතය බවද පැවසේ.

පහත දැක්වෙන්නේ ලතා වල්පොල මහත්මිය විසින් ගායනා කරන ගීතය සහ ඉරාජ් විසින් විකාර කරන ලද ගීතයයි



Gossip Lanka Hot News Previous News Archive