අයි පෑඩ් සොරකමේ ගිය නිරුපිකාව - iPad Theft

පසුගිය ජනවාරි 12 වන දින රුපියල් අසූපන් දහසක් වටිනා අයිපෑඩ් එකක් සොරකම් කල නිරුපිකාවක අධිකරණයේදී සිය වරද පිළිගෙන ඇත.මෙසේ අයිපෑඩ් උපකරණය සොරාගෙන ඇත්තේ සකුරා සෞම්‍යා කුමාරි බණ්ඩාරනායක නිරුපිකාවකි.

පසුගිය ජනවාරි මස 12 දින මෙම නිරුපිකාව කොල්ලුපිටිය ක්‍රෙස්කැට් සාප්පු සංකීර්ණයේ පිහිටි මොනාච්චි හවුස් ආයතනයට දැන්වීමක් ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ගොස් ඇත.පසුව එහි අයිතිකරු වන මොහොමඩ් ෆායින් රොෂාන් නැමැත්තා ඇය සමඟ සාකච්ඡා කර ඔහු එම වෙළෙඳ ආයතනයේ ඇතුළට ගිය අතරතුර ඔහුගේ අයිපෑඩ් එක මෙම නිරුපිකාව විසින් සොරකම්කොට ඇත.

ඒ අනුව එම ව්‍යාපාරිකයා කොල්ලුපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව එම නිරුපිකාව අත්අඩංගුවට ගනු ලැබුණි.මෙම නිරුපිකාවට දඬුවම් නියමකිරිම කොටුව මහෙස්ත්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් මාර්තු 7 දිනට කල් තබා ඇත.





එම නිරුපිකාව පෙනී සිටි වීඩියෝවක් පහතින් බලන්න


Gossip Lanka Hot News Previous News Archive