IPL ඉහළම මිල ක්ලාක්ට සහ පොන්ටින්ට

2013 වසරේ ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ක්‍රීඩකයන් වෙන්දේසියට මිළ සකස් කෙරේ.මේ අනුව අයි.පී.එල්. වෙන්දේසියේ වැඩිම වටිනාකම් හිමිවන ක්‍රීඩකයින් ලෙස ඕස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් සහ මයිකල් ක්ලාක් නම්කර තිබේ.ඔවුන්ට ඩොලර් ලක්ෂ 4 බැගින් වන මිලක් නියමවී තිබේ.

මීට අමතරව ද.අප්‍රිකාවේ ජොඈන් බෝතාට ඩොලර් ලක්ෂ 3ක මිලක් නියමවී ඇති අතර. මෙම වෙන්දේසියට ශ්‍රී ලංකාවේ උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් ඉදිරිපත්කොට ඇති අතර ඔවුන්ට ඩොලර් ලක්ෂයක බැගින්වූ මිලක් නියමවී තිබේ.


මේ අතර ප්‍රසන්න ජයවර්ධන, කුසල් ජනිත් පෙරේරා, කෞෂාල් සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, රංගන හේරත්, අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දිව් ,චාමර කපුගෙදර, ජෙහාන් මුබාරක්, තරංග පරණවිතාන, තිලාන් සමරවීර, ලහිරු තිරිමාන්න, ෆර්වේස් මහරුප්, ජීවන් මෙන්ඩිස්, සීකුගේ ප්‍රසන්න, සචිත්‍ර සේනානායක, සමින්ද එරංග, දිල්හාර ප්‍රනාන්දු, දිල්ශාන් මුණවිර, දිල්රුවන් පෙරේරා, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයින් ද මෙම ලැයිස්තුවට ඇතුලත්වෙති.

ක්‍රීඩනයන් 101 දෙනෙකුගෙන් සමන්විත මෙම වෙන්දේසියට ද.අප්‍රිකාව/ශ්‍රී ලංකාව / ඕස්ට්‍රේලියාව / බටහිර ඉන්දීය කොදෙව් / නවසීලන්තය / එංගලන්තය යන රටවලින් ක්‍රීඩකයින් ඇතුලත්කර තිබේ.මීට අදාල වෙන්දේසිය පෙබරවාරි 03 වනදා පැවැත්වීමට නියමිතව තිබේ.

Gossip Lanka Hot News Previous News Archive