දකුණු ආසියාවේ ප්‍රථම මුහුදු උමං මින් මැඳුර විවෘත කෙරේ - South Asia’s first underwater tunnel aquarium at Water World, Biyagama.

දකුණු ආසියාවේ ප්‍රථම මුහුදු උමං මින් මැඳුර පසුගියදා බියගම වෝටර් වර්ල්ඩ්හිදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා අතින් විවෘත කෙරිණි.

රුපියල් දශ ලක්‍ෂ 60 ක ආයෝජනයකින් ඉදි කරන ලද මෙම මින් මැඳුර දිගින් අඩි 30 කින් සහ පළලින් අඩි 37 කින්ද යුතුය. මාස 13 ක්‌ වැනි කාලයක්‌ තුළ ඉදිකරන ලද මෙම උමග සැලසුම් කිරීම සඳහා වසර තුනක පමණ කාලයක්‌ ගත වී තිබේ. මෙම මින් මැඳුර සඳහා මොරටුව, දෙහිවල, මීගමුව, ගාල්ල මාතර ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන ප්‍රදේශවලින් මුහුදු මසුන් ලබාගෙන ඇත. මේ මුහුදු උමං මින් මැඳුර විවෘත වීමත් සමගම වෙනත් රටකට නොයා ශ්‍රී ලංකාව තුළදීම අඩු පිරිවැයකින් මුහුදු උමං මින් මැඳුරක චමත්කාරය විඳ ගැනීමට හැකි වේ.


මෙම අවස්‌ථාවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ සහ ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩුලිප් විඡේසේකර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.








Gossip Lanka Hot News Previous News Archive