ප්‍රභාකරන්ගේ බාල පුතාගේ සිරුර හමුවුනේ නෑ - Sarath Fonseka

තමා හමුදාපති වශයෙන් සිටියදී ප්‍රභාකරන්ගේ බාල පුත් බාලචන්ද්‍රන් හමුදාවෙන් ඝාතනය නොකළ බවත් 2009 මැයි 19 වැනිදා පෙරවරු 10.00 යුද්ධය අවසන් වූ බවත් බාලචන්ද්‍රන් මියගිය බව හෝ ඔහුගේ සිරුර හෝ හමුදාවට වාර්තා නොවූ බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඊයේ රාත්‍රී බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සේවයේ සංදේශයට පැවසීය.
චැනල් ෆෝ රූපවාහිනියෙන් ද බ්‍රිතාන්‍යයේ හා ඉන්දියාවේ පුවත්පත් වල ද අද පළවූ ඡායාරූප තුනක් ගැන සංදේශය ඔහුගෙන් ප්‍රශ්න කළේය. බාලචන්ද්‍රන් සිටින බංකරය හමුදා බංකරයකට සමානයැයි ද එම ඇදුමින්ම ඔහු මැරී සිටින බව තවත් පින්තූරයක් ඇතැයි ද සංදේශය ඔහුගෙන් විමසූ විට ෆොන්සේකා කීවේ එවැන්නක් සිදුනොවූ බව හා ඒ ගැන හමුදාවේ කිසිම වාර්තාවක් නැති බවයි. මේ ගැන පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම්දැයි විමසූ විට ෆොන්සේකා කීවේ හමුදාවේ නොසිටියත් තමා සිටි කාලයේ සිදුවූ ඕනෑම දෙයක් ගැන නීත්‍යානුකූලව හා අපක්ෂපාතව පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට සූදානම් බවයි.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා පවසන්නේ මෙම ඡායාරුඵය බොරුවක් බවයි.

එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සමුළුව සමීප වන විට එතෙර බෙදුම්වාදී දෙමළ සංවිධාන ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුතා පණ පිටින් සිටින පින්තූර ද, මළ පසු පින්තූර ද විකාශනය කරමින් පදනම් විරහිත අස්ථාන චෝදනා ඉදිරිපත් කරන බවකියයි.

බොරු, බාගෙට බොරු, දූෂමාන ආරංචි හා කටකතා මගින් හමුදාවට එරෙහි ප්‍රචාර ගෙන යන බවත්, මෙවැනි පදනම් විරහිත චෝදනා නොනගා සාක්කි ඇත්නම් කළ යුතු වන්නේ රජයට හෝ හමුදාවට ඒවා ඉදිරිපත් කිරීම බවත්, පිළිගත හැකි සාක්කි අනුව එසේ කරන්නේ නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන බව ද ඔහු කියයි.
ප්‍රභාකරන් පුත් බාලචන්ද්‍රන් අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය කරන ලද බවට පලවන ජායාරුප පෙළ පහතින් බලන්න

Gossip Lanka Hot News Previous News Archive