ආසනික්වලට එරෙහි සටන අරඹනවා - අතුරලියේ රතන හිමි

 රජය මැදිහත්වී අත පුච්ච ගන්න එපා !
 ශ්‍රී ලංකාවේ කෘෂි රසායනික ද්‍රව්‍යවල ආසනික්, කැඩ්නියම් සහ පළිබෝධනාශක ඉතා බරපතළ ලෙස අන්තර්ගත වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කළ අවසන් වාර්තාවෙහි සඳහන් වන බැවින් මේ මූලද්‍රව්‍යයන් අඩංගු කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය වැළැක්වීමට රජය ක්‍රියානොකරන්නේ නම් මේවා අලෙවි කරන සමාගම්වලට විරුද්ධව මහජනතාව හා එක්ව ගැටීමට සූදානම් බව ප්‍රකාශ කරන 'පිවිතුරු හෙටක්' ජනතා ව්‍යාපාරයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ එහිදී රජය මැදිහත් වී අතපුච්චා නොගන්නැයි අනතුරු ඇඟැවීමක් කරති.ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අප මෙයට විරුද්ධව පෙළගස්වනවා.
අප ව්‍යාපාරය මේ උත්සාහ කරන්නේ වස විසෙන් තොර ආහාර වේලක් ජනතාවට ලබාදීමටයි. ඒ නිසා අපිව ආණ්ඩුවේ හතුරෝ හැටියට සලකන්න එපා යැයි මා රජයෙන් ඉල්ලා සිටින බව ඊයේ (28 දා) ධර්ම විජය පදනමේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවැසූහ.
රජරට ප්‍රදේශයේ ආසනික් හා කැඩ්නියම් යන විස රසායනිකයන් ශරීරගත වීම නිසා ඇති වූ වකුගඩු රෝගයෙන් පෙළෙන මරණයට දින ගනිමින් සිටින රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටිනවා.
සෞඛ්‍ය ඇමැතිගේ බල ප්‍රදේශයේ ජනතාව තමයි වැඩි වශයෙන් වකුගඩු රෝගයට මුහුණ දීලා තියෙන්නෙ. ඉතින් මේ ජනතාව දිහා බලාගෙන නිහඬව ඉන්න පුළුවන්ද? එය හරිද වැරැදිද කියලා අපි බලධාරීන්ගෙන් විමසා සිටිනවා.

මේ පිළිබඳව අදාළ අමාත්‍යංශ භාර ඇමැතිවරුන්ගෙන් අහන්න ජනතාවත් සමඟ අපි එතුමන්ලාගේ අමාත්‍යංශ ඉදිරියට එකතු වන බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවැසීය. මේ ගැටලුවලට යෝජනා ලෙස අදාළ වැරැදිකරුවන් සොයා අපරාධ නීතිය යටතේ දඬුවම් කරන ලෙසත් මේ සඳහා පවතින නීති දැඩි කොට සංශෝධනය කරන ලෙසත් පැමිණ සිටි විද්වත්හු යෝජනා ඉදිරිපත් කළහ.ආසනික් වැනි විස රසායනිකයන්ගෙන් තොර ආහාර වේලක් ලබාගෙන ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමෙන් වළක්වා ගැනීමට දායක වීමට පක්ෂ, පාට, ආගම්, ජාති බේදයකින් තොරව මේ ව්‍යාපාරයට සහාය ලබාදෙන ලෙසත් අතුරලියේ රතත හිමියෝ ඉල්ලා සිටියහ.

අතුරලියේ රතන හිමි



Gossip Lanka Hot News Previous News Archive