.jpg)
රජය මුස්ලිම් ජනයාගෙන් සමාව ගත යුතු යැයි එතුමා පවසා තිබුණි. එහෙත් මෙහි සම්පූර්ණ වරද කර තිබෙන්නේ උලමා සංවිධානයයි. උලමා සංවිධානය ආණ්ඩුවක් අස්සේ ආණ්ඩුවක් ගහන්න ගිහින් තිබෙනවා.
රටක භාණ්ඩ හා ආහාර සඳහා ප්‍රමිති සහතික නිකුත් කිරීමට රජයේ ආයතනයක් තිබියදී උලමා සංවිධානය නීති විරෝධී ලෙස හලාල් සහතිකයක් නිකුත් කිරීම නිසා අද අවුල් රැසක් මතු වී තිබෙනවා. රටක ක්‍රියාත්මක විය යුත්තේ ආගමික නීතිය නොව රාජ නීතියයි. ආගමික නීති ඒ ඒ ආගමිකයන් පිළිපැද්දට වරදක් නෑ. එහෙත් ආගමික නීතියකින් රටක් පාලනය කරන්න බෑ. ඒ නිසා රටේ පවතින සහතික නිකුත් කර නීති විරෝධී ක්‍රියාවක් කළ උලමා සංවිධානය රජයෙන් සමාව ගත යුතුයි. එසේ තිබියදී රජය මුස්ලිම්වරුන්ගෙන් සමාව ගත යුතු යැයි විපක්ෂ නායකවරයා පැවසීම පුදුම සහගතයි.ඔහු හදිසියේ මෙවැනි ප්‍රකාශ කර ඇත්තේ ජාතික සමගියට ඇති කැමැත්ත නිසා නොව ජිනීවා සමුළුවටට ඇසෙන්නට බව විශේෂයෙන් කිව යුතුයි. රටට, ආදරය කරන කිසිම අයෙක් මෙවන් මොහොතක රටට එරෙහිව කිසිම ප්‍රකාශයක් නොකළ යුතුයි. එසේ කරන්නේ නම් ඒ දේශ ද්‍රෝහියෙක් බවද කිව යුතුයැයිද මේධානන්ද හිමියෝ අවධාරණය කළහ.