විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අභාවප‍්‍රාප්ත වෙයි

විශේෂඥ මනෝ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර අද (01) උදෑසන අභාවප‍්‍රාප්ත වුණා. පෞද්ගලික රූපවාහිණි නාළිකාවක වැඩසටහනකට සහභාගී වී සිටියදී ඇතිවු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බවයි රෝහල් ප‍්‍රකාශකයෙකු කියා සිටියේ. මියයන විට 74 වන වියේ පසුවූ වෛද්‍ය ඞී.වී.ජේ. හරිස්චන්ද්‍ර දරුවන් තිදෙනෙකුගේ පියෙක්.
රූපවාහිනියේ ධර්ම සාකච්ඡාවලටත් විද්වත් කථීකාවලටත් නිතර සම්බන්ධවූ ඔහු බුදු දහම හා මනෝ විද්‍යාව අතර පවතින විස්මිත සම්බන්ධය අළලා සිත්කාවදින පැහැදිලි කිරීම් සිදු කළ අයෙකි.

Gossip Lanka Hot News Previous News Archive