ඉතිහාසයේ ප්‍රභලම සයිබර් ප්‍රහාරය

ඉතිහාසයේ ප්‍රභලම සයිබර් ප්‍රහාරය ඊයේ (27) දිනයේ එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ හේතුවෙන් ඊයේ දිනය තුළ බොහෝ රටවල අන්තර්ජාල සේවා කටයුතුවලට බාධා එල්ල වී තිබේ.සයිබර් ප්‍රහාර එල්ල කරන කණ්ඩායම් රැසක් එක්ව මෙම ප්‍රහාරය සංවිධානය කර ඇති බව වාර්තා වේ.මේ හේතුවෙන් බොහෝ වෙබ් අඩවිවලට පිවිසීම අවහිර වී ඇති අතර බැංකුවල විද්‍යුත් තැපැල් පද්ධති ද අඩපණ වී තිබේ.

පසුගිය කාලය තුළ සයිබර් ප්‍රහාර එල්ල වුව ද මෙවැනි ප්‍රභල සයිබර් ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම අවස්ථාව මෙය බව අන්තර්ජාල විචාරකයින් පෙන්වාදෙයි. කෙසේ වෙතත් පරිගණක විද්‍යාඥයින් සඳහන් කර ඇත්තේ කෙසේ මෙම සයිබර් ප‍්‍රහාරය එල්ල වූයේද යන්න පිළිබඳව තවමත් කරුණු අනාවරණය කරගෙන නොමැති බවයි. දැනට අනාවරණය වෙමින් පවතින කරුණු අනුව නැගෙනහිර යුරෝපයෙන් මෙම සයිබර් ප‍්‍රහාරය එල්ලවී ඇති බවට සැක කරන බවයි.

Gossip Lanka Hot News Previous News Archive