දැයට කිරුළෙන් ලක්ෂ 390ක් වංචා කරලා

විදුලි සන්දේශ හා තොරතුරු තාක්‍ෂණ අමාත්‍යංශය විසින් අම්පාර දැයට කිරුළ ප්‍රදර්ශන භූමියේ ඉදිකිරීම් සඳහා වෙන්කරන ලද මුදලින් රුපියල් ලක්‍ෂ තුන්සිය අනූවක් එහි අතිරේක ලේකම්වරියක වංචා කළ බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්වන බව රහස් පොලිසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා වෙත ඊයේ (27දා) කරුණු වාර්තා කර තිබේ.

විදුලි සන්දේශ හා තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම් හෙන්නායක මුදියන්සේලාගේ ගුණසේකර විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මේ පිළිබදව පැමිණිල්ලක් කිරීමෙන් පසු පරීක්‍ෂණ ආරම්භ කර ඇත.අම්පාර හාඩි තාක්‍ෂණික ආයතන භූමියේ පැවැත්වෙන දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා වැසිකිළි හාරසිය අනූවක්, ආපන ශාලාවක් සහ කියැවීම් ශාලාවක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී මේ මිලියන තිස් නවයක මුදල අතිරේක ලේකම්වරිය විසින් වංචාකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

Gossip Lanka Hot News Previous News Archive