සංජය දත් මාධ්‍ය හමුවේ දී හඩා වැටෙයි

සංජය දත් බෝම්බ පිපිරීම් ඇතුලු කාරණා කිහිපයකටම සම්බන්ධවී ඇතැයි ඔප්පුවීමෙන් පසු වසර 05කට සිරගත කිරීමේ නියෝගය පසුගියදා ඉන්දියාවේ අධිකරණය විසින් ලබාදෙන ලදී. මේ සමග ලොවපුරා විසිරී සිටින සංජය දත් ඉන්දියානු සිනමා ලෝලිහු ඔහුව නිදහස් කරණ ලෙස ඉල්ලා අත්සන් පහලොස්දාහකින් යුත් පෙත්සමක් අත්සන්කොට ඉන්දියානු රජයට බාරදීමට කටයුතු කරගෙන යන්නට පටන් ගෙන ඇත.

මේ අතර පසුගිය 28වනදා සංජය දත් මාධ්‍ය හමුවක් සදහා පෙනී සිටියහ. එහිදී ඔහු කදුළු පිරිදෙනෙතින් ප‍්‍රකාශකරනු ලැබුවේ" තමා සමාවක් නොඉල්ලන බවත්, තීන්දුවට ගරු කරමින් එයට යටත් වන බවත්ය". පසුගියදා සුප‍්‍රීම් උසාවිය සංජය දත්ට මෙම තීන්දුව දෙනු ලැබුයේ1993 වසරේදී මුම්බායිදී සිදුවූ බෝම්බ පිපිරීමේ කාරණයටය.
සංජය දත් එම මාධ්‍ය හමුවේදී මෙසේ ප‍්‍රකාශ කළේය." මට ඕනෙ ජනතාවගෙන් සහ මාධ්‍යයෙන් අත් දෙක එකට එකතු කරලා කියන්න මම සමාව ඉල්ලන්නෙ නැහැ. මම මගේ රටේ නීති ගරුක රටවැසියෙක් .
මේ සම්බන්ධයෙන් කිසිදු වාදයක් නැහැ. මම දැන් විනාශවෙච්ච මනුස්සයෙක්. මම මගේ ඉහළම ගෞරවය සුප‍්‍රීම් උසාවියට පිරිනමනවා. මම අවනතවෙනවා මට ඒ ළබා දුන්න කාල සීමාවට . මම මගේ රටට ආදරෙයි. මගේ රටේ ජනතාවට ආදරෙයි". සංජය දත්ගෙ මාධ්‍ය හමුවට ඇයගේ සහෝදරියද ඔහු පසෙකින් විය. ඇය සංජය දත්ට දිරියක් දෙනු ලැබීය. ඇය කොන්ග‍්‍රස් පක්ෂයේ මන්ත‍්‍රීවරියකි .ඇයද මාධ්‍ය අමතනු ලැබීය. සිය ජීවිතයේ අසීරු අවස්ථා වල ඔහු සමග සිටි සියලුම දෙනාට ස්තුති කරන ලදී .

Gossip Lanka Hot News Previous News Archive