කොටි සංවිධානයට උදව් කළ අය හෙළි කරනවා - Karuna Amman

ප්‍රභාකරන්ට උදව් කළ රටවල් සහ දේශපාලනඥයන් ගැන තමා මුළුමනින්ම හෙළි කරන බව නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් මහතා (කරුණා) පවසයි.යුද අපරාධ සම්බන්ධව 'කරුණා' ගැන ද විමර්ශන ආරම්භ කළ යුතු යෑයි හියුමන් රයිට්‌ස්‌ වොච් සංවිධානයේ ආසියා අධ්‍යක්‍ෂ බ්‍රැඩ්ලි ඇඩම්ස්‌ කළ ප්‍රකාශය සම්බන්ධව කරුණා එලෙස කියා සිටී.

"කොටින්ට උදව් කළ පාර්ශ්වයන් ගැන දන්නා එකම පුද්ගලයා මමයි. නෝර්වේ ස්‌විට්‌සර්ලන්තය, තායිලන්තය ඇතුළු රටවල් ගණනක මා සංචාරය කළා. ආයුධ වර්ග 409 ක ලැයිස්‌තුවක්‌ බැංකොක්‌ හෝටලයකදී අයිසර් කියන කොටි ආයුධ ප්‍රධානියාට භාර දෙන ලෙස ප්‍රභාකරන් භාර දුන්නේ මටයි. මා නෝර්වේහි ආයුධ සමාගම්වලටත් ගියා යෑයි හෙතෙම තවදුරටත් කියා සිටියේය.
වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා යෑයි මා රාජ්‍ය නොවන සංවිධානවලට කියනවා. රාජ්‍ය නොවන සංවිධානත් කොටි සංවිධානයට උදව් කළා යෑයි ඔහු පැවැසීය.ප්‍රභාකරන්ට වෙඩි නොවදින ප්‍රාඩෝ වාහනයක්‌ පවා සපයා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධානයක්‌ යෑයි ද නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

Gossip Lanka Hot News Previous News Archive