ශ්‍රී ලංකා ජනපතිට විරෝධය පා තමිල්නාඩු වැසියකු ගිනි තබාගෙන

රාජපක්‍ෂව යුධ අපරාධකරුවෙකු යැයි ප්‍රකාශකළ යුතුයි - කඩලූර් ප්‍රදේහයේදී පුද්ගලයකු ගිනි තබා ගනියි.
යුධ අපරාධ කල ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා, තමිල්නාඩුව කඩලූර් ප්‍රදේශයෙහි මනි නැමැත්තා ගිනි තබාගෙන මියගොස් තිබේ.

තම සිරුරට ගිනි තබාගත් මනි, ප්‍රතිකාර සඳහා චෙන්නයි රෝහලට ඇතුලත් කළ නමුත් ප්‍ රාත්‍රී 8.45ට පමණ මියගොස් තිබේ. ගින්නට හසුවීමෙන් ඔහුගේ ශරීරය බරපතල ලෙස පිලිස්සී තිබී ඇත.කඩලූර් පරිපාලන කාර්‍යාලය ඉදිරිපිට සමාජ සේවකයකු වන මනි නැමැත්තා ගිනි තබා ගැනීමෙන් එම ප්‍රදේශය පුරා දැඩි නොසන්සුන් තත්වයක් ඇතිව තිබෙන බව ඉන්දිය මාධ්‍යය සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive