ලසිත් මාලිංගට මාධ්‍ය එපාවෙයි , Lasith Malinga Anger with Media

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඊයේ දිනයේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමඟ වන ගිවිසුම අත්සන් කිරීමට පැමිණෙද්දී මාධ්‍යවේදීන්ට නුසුදුසු ලෙස බැණ වැදුනේය. ඒ ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඉල්ලූ අවස්ථාවේදීය.

ඇයි මීට කලින් මාව දැකල නැද්ද.. වැඩක් බලන් යනව මනුස්සයො යන්න’ යයි ඔහු පැවසුවේ අපට පොඞ්ඩක් කතා කරන්න පුළුවන්දැයි මාධ්‍යවේදීන් ඇසූ විටයි.

ඊට පෙර දිනයේදීද ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේ තමන් පැවසුවේ ගිවිසුම් අත්සන් කිරීමට නොව පාටි එකකට බවයි. මාධ්‍යවේදීන්ට අවමන් කරමින් ලසිත් මාලිංග කළ මේ හැසිරීම ඊයේ එම සිද්ධිය නිසා අපහසුතාවයට ලක්වූ රූපවාහිනී, ස්වර්ණවාහිනී හා දෙරණ ප්‍රවෘත්ති මගින්ද ප්‍රචාරය වූ අතර ඔහුගේ  "උඩගුකම "මෙතෙක් කල් ඔහු කෙරේ තිබුණ පහැදීමට හානි කර විය.

පලවෙනි සිදුවීම මාර්තු 3 රාත්‍රියේ
කන්ට්‍රැක්ට් එකට මොකද වුනේ? මාධ්‍යවේදීන් ඇසූවිට..
මොකක්ද..කන්ට්‍රැක්ට්.. අපි මේ පාටියක් තිබ්බ ඒකට පොඩ්ඩක් ආවා.
කන්ට්‍රැක්ට් එකට අත්සන් කළේ නැද්ද?
මොකක්ද?..ඒ මං මේ පොඩි ෆන්ක්ෂන් එකකට ආවෙ..කන්ට්‍රැක්ට් එකකට ආපු කට්ටියගෙන් අහගන්න..
(එසේ කියා ඔහු මාධ්‍යවේදීන්ට ඔරවමින් වාහනයේ නැගී පිටව යයි)

දෙවෙනි සිදුවීම මාර්තු 4 දහවල්
අපිට පොඩ්ඩක් කථා කරන්න පුළුවන්ද? මාධ්‍යවේදීන් ඇසූවිට..
ඇයි මීට කලින් මාව දැකල නැද්ද? වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න..
(එසේ කියූ ඔහු වාහනයේ දොර හයියෙන් වසා ගස්සාගෙන ගොස් ඔරවමින් පසෙකට වී සිටගෙන සිටියේය)

ඇත්තටම ඔහු කෝපවී සිටියේ මාධ්‍ය සමග නොව මුදල් තණ්හාව නිසා බව පැහැදිලි විය.

ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්, හිටපු නායක කුමාර් සංගක්කාර සහ විස්සයි20 නායක දිනේෂ් චන්දිමාල් මාධ්‍යවේදීන්ට මෙහිදී ඉතාමත් සුහදශිලි ලෙසත් මහත්වරු ලෙසත් ප‍්‍රතිචාර දැක්වූහ.
එහිදී සංගක්කාර පවසා ඇත්තේ තමන් ගොඩක් වෙහෙසට පත්ව සිටින බවත් ගිවිසුම පිළිබඳව ප‍්‍රශ්නයක් තිබූ බවත් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමට තමන් ගිය බවත්ය.
‘‘ඇතුළේ කථා කරපු දේවල් මට එළියෙ කියන්න බෑ, නමුත් ගිවිසුම පිළිබඳ ප‍්‍රශ්නයක් තිබුණා එය විසදා ගැනීමට ගියා’’ යැයි ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

මාලිංගගේ  හැසිරීම කැමරාවට හසුවූ අයුරු පහතින්


Gossip Lanka Hot News Previous News Archive