මත්තල ගුවනේදී ගුවන් යානයකට කුරුළු රංචුවක් අනියි

මාලේ නුවර සිට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත ගොස්, යලි කටුනායක බලා එමින් සිටි 'ශ්‍රී ලංකන්' ගුවන් සේවයට අයත් UL114 ගුවන් යානය මත්තල ගුවනේ දී ඊයේ (25) අනතුරකට ලක් ව තිබේ.ඊට හේතුවී ඇත්තේ, එම යානය යළි ගුවන් ගතකිරීමෙන් පසු කුරුල්ලන් රංචුවක් යානයේ නියමු කුටියට ඉදිරියෙන් ඇති වීදුරුවේ (Windscreen) හැපී තිබීමයි.

ඒ හේතුවෙන් එම වීදුරුවේ ඉරිතැලී ගොස් තිබී ඇති නමුත්, එය පිපිරීමකට ලක්ව නොමැති බව වාර්තාවේ.

මෙම අනතුරින් පසුව යානය විනාඩි 10 ක් ඇතුළත කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමට ජ්‍යෙෂ්ඨ නියමුවෙකු වූ එම යානයේ නියමුවා සමත්ව ඇති අතර, තවත් විනාඩි 20 ක කාලයක් අඩි 3000 ක ඉහළ අහසේ එම යානය ගමන් කලේ නම් එම වීදුරුව කැඩීයාමට ඉඩතිබූ බව පැවසේ.එසේ වූයේනම්, ගුවන් නියමුවා ගුවන් යානයෙන් පිටතට යැදී යාමේ අවධානමක් තිබු බව 'ලංකා නිවුස්' වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

ගුවන් මගින් 40 දෙනෙකු සමග මාලේ සිට මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොටුපළට ළඟාවී තිබූ එම යානයෙන් එහිදී කිසිවෙකු බැස නොතිබුණද , කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ දක්වා පැමිණීමට ගුවන් මගීන් සිව්දෙනෙකු යානයට ගොඩවී තිබේ.මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල වෙත පසුගිය 14 දා පරීක්ෂණ මෙහෙයුමක් සඳහා පියාසර කල 'ශ්‍රී ලන්කන් එයාර්' ගුවන් යානයක් ද මත්තල අසල ගුවනේදී මෙවැනිම අකරතැබ්බකට මුහුණ දුන්නේය.

පියාසර කරමින් සිටි කුරුළු රංචුවක් එම ගුවන් යානයේ ඉදිරිපස ගැටී තිබු අතර, එහිදී සිදුවීමට ගිය අනතුර වලක්වාගැනීමට ගුවන්නියමු තේවින්ද යහම්පත් මහතාට බලවත් වෙහෙසක් දැරීමට සිදුවිය.





-සබැදි පුවත්-

1.මත්තල ගිය ගුවන් යානයක් 'නුලෙන්' බේරෙයි !
2. මත්තල ගුවන් පථයට මොනරුන් ගමන් අරභයි  !
3. මත්තල ගුවන් යානයක් තෙල් නැතිව පමාවෙයි

*- Mattala Facebook Funny Stuff පින්තූර ඒකතුව මෙතනින් බලන්න-*

Gossip Lanka Hot News Previous News Archive