ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලීමක්

ඉන්දියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ප‍්‍රසාද් කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි එම්.ඞී.එම්.කේ මහලේකම් වයිකෝ එරට අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතාගෙන් ඉල්ලීමක් කරනවා.

 වයිකෝ විසින් අග‍්‍රාමාත්‍යවරයාට යැවු විශේෂ ලිපියක දැක්වෙන්නේ ප‍්‍රසාද් කාරියවසම් මහතා රාජ්‍ය තාන්ත‍්‍රික මුක්තිය අයථා ලෙස යොදා ගන්නා බවයි. පී.එම්.කේ නිර්මාතෘ එස්. රාමදෝස් ද ඒ මත අනුමත කරමින් කරුණු දැක්වුවා. ඔහු කියා සිටියේ ප‍්‍රසාද් කාරියවසම් මහතා රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු විසින් පිළිපැදිය යුතු වියානා සම්මුතිය ද උල්ලංගණය කර තිබෙන බවයි. ඒ බව සැලකිල්ලට ගෙන ප‍්‍රසාද් කාරියවසම් මහතා ඉන්දියාවෙන් පිටුවහල් කළ යුතු බව ලෝක දෙමළ පදනමේ සභාපති ආර්. නැදුමාරන් ද කියා සිටියා.
ඉන්දියන් එක්ස්ප‍්‍රස් වෙබ් අඩවියට අනුව මෙම කරුණු දැක්වීම්වලට හේතුවී තිබෙන්නේ ප‍්‍රසාද් කාරියවසම් මහතා E mail මගින් මාධ්‍ය ආයතනවෙත මුදාහල බව කියන නිවේදනයක්. ඉන්දීය ආණ්ඩුව දෙමළ වැසියන්ගේ ආරක්‍ෂාවට වඩා ශ‍්‍රී ලංකාවේ සිංහල ජාතිකයින්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව එකී නිවේදනයෙන් පෙන්වා දී ඇතැයි වයිකෝ කියා සිටියා.
සිංහල ජාතිකයින් උතුරු ඉන්දීය සම්භවයක් සහිතව පැවතෙන බව ද එයින් පෙන්වා දී ඇතැයි සඳහන්. එහෙත් එම කරුණු අසත්‍ය ඒවා බව ද එමඟින් උතුරු ඉන්දියාව පුරා වෛරයේ බීජ වපුරාලන බව ද වයිකෝ අග‍්‍රාමාත්‍යවරයාට යැවු ලිපියේ දැක්වෙනවා.

Gossip Lanka Hot News Previous News Archive