මත්තල ගුවනේ කුරුල්ලෝ ඉන්නවද බලන්න මිග් යානා දෙකක්

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂ වැට අඩි 15 කින් ඉහළ නැංවීමට පියවර ගැනේ. ආරක්ෂ වැටවල් 3 අතරින් පළමු වැට මෙලෙස උසින් වැඩි කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව ගුවන් තොටුපල මාධ්‍ය අංශ ප‍්‍රකාශකයෙක් පවසයි. 

දිනකට ගුවන් යානා දෙකත් හතරත් අතර සංඛ්‍යාවක් ගුවන් තොටුපලට පැමිණෙන බව මාධ්‍ය අංශ ප‍්‍රකාශකයා සදහන් කරයි. බොහෝ ගුවන්යානා වෙරළ තීරයෙන් පැමිණ මත්තල ගුවන් තොටුපල නිරීක්ෂණය කර පියාසර කරන බව පැවසේ . ගුවන් ගමන් වලදී කුරුල්ලන්ගෙන් බාධාවීම වැළැක්වීමට කටයුතු යොදා තිබේ. ඒ පිලිබද නිරීක්ෂණයට සෑම ගුවන් ගමනකටම පෙර මිග් යානා දෙකක් යෙදවීමට පියවර ගෙන ඇත.
-සබැදි පුවත්-
1.මත්තල ගුවනේදී ගුවන් යානයකට කුරුළු රංචුවක් අනියි

Gossip Lanka Hot News Previous News Archive