ශ‍්‍රී ලංකාවට එරෙහි නොවූ ඉන්දීය විදේශ ඇමතිට නැදුමාරන්ගෙන් තර්ජන

මෙරට උතුරු නැගෙනහිර ඊළමක් වෙනුවෙන් ජනමත විචාරණයක් පැවැත්වීම ඇතුළු තමිල්නාඩු ප‍්‍රාන්ත රජය සම්මත කර ගත් ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඉන්දීය විදේශ කටයුතු ඇමති සල්මාන් කුර්ෂිඞ් ඉල්ලා අස්විය යුතු බව නැදුමාරන් ඉල්ලා සිටිනවා. කොටි හිතවාදී තමිල්නාඩු දෙමළ ජාතිවාදී ව්‍යාපාරයේ නායක නැදුමාරන්, මදුරෙයි නගරයේ ඊයේ (30) පැවති රැස්වීමක් අමතමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප‍්‍රකාශය හෙළා දුටු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

 ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ප‍්‍රකාශ කළේ තමිල්නාඩුව ඉන්දියාවේ එක් ප‍්‍රාන්තයක් පමණක් වන අතර එමගින් සමස්ත ඉන්දීය විදේශීය ප‍්‍රතිපත්තිය තීරණය කළ නොහැකි බවයි. එහෙත්, මෙහිදී විදේශ රටවලට අදාළ ඉන්දියාවේ මැදිහත්වීම සඳහා ප‍්‍රාන්ත ආණ්ඩු කි‍්‍රයාකළ ඉතිහාසය ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අමතක කර ඇතැයි නැදුමාරන් චෝදනා කළා. එමෙන්ම, බංග්ලාදේශයට මැදිහත්වීමේදී ඉන්දීය මධ්‍යම රජය සියලූ ප‍්‍රාන්තවල අදහස් විමසුවේදැයි ඔහු ප‍්‍රශ්න කර සිටියා.

මේ අතර, තමිල්නාඩුවේ ශ‍්‍රී ලංකා විරෝධය ඉන්දීය මාධ්‍ය මගින් තවදුරටත් විවේචනයට ලක්වනවා. ඩෙකෑන් හෙරල්ඞ් පුවත්පත අද කියා සිටියේ එමගින් ඉන්දියාවේ ඒකීය භාවයට සහ බහුවිධත්වයටද තර්ජනයක් එල්ලවන බවයි. නොබෙල් ත්‍යාගලාභී අමර්ත්‍යා සෙන් ගේ සුප‍්‍රකට ග‍්‍රන්ථයෙන් විග‍්‍රහ කෙරෙන ඉන්දියානු සිහිනය ඉන් බිඳ වැටෙන බව එම පුවත්පත සඳහන් කළා. තමිල්නාඩුව ඉන්දීය මධ්‍යම රජයේ තීරණ කෙරෙහි බලපෑම් ඇතිකිරීම තුළින් ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යහපතක් සිදු නොවන බවයි එමඟින් පෙන්වා දෙන්නේ.

ශ‍්‍රී ලංකාවේ ඊළාම් රාජ්‍යයක් බිහිකළ යුතු බව පැවසූ කණ්ඩායම්වලට ඉන්දියාවේ පැවති සහය 1991 වසරේදී හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි ඝාතනයට ලක්වීමෙන් අහිමිවූ බවත් ඩෙකෑන් හෙරල්ඞ් සිහිපත් කළා. වයිකෝ නැදුමාරන්, තිරුමාවලවන් ඇතුලූ තමිල්නාඩු දේශපාලනඥයන් නිරන්තරයෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වූ අයයි. කරුණානිධිගේ ඞී.එම්.කේ. සහ ජයලලිතාගේ ඒ.අයි.ඒ. ඞී.එම්.කේ. පක්ෂයද දැන් එම රැුල්ලට එක්ව සිටිනවා. ඉන්දීය ප‍්‍රවීන දේශපාලන විචාරකයෙකු වන චෝ රාමස්වාමි ගේ ප‍්‍රකාශයක් උපුටා දක්වමින් ඩෙකෑන් හෙරල්ඞ් පුවත් පත තවදුරටත් සඳහන් කළේ. මෙරට දෙමළ ඊළමක් බිහිකිරීම සඳහා තමිල්නාඩුව කරන බලපෑම ත‍්‍රස්තවාදයට එරෙහි සටන ආපසු හැරවීමක් බවයි.

Gossip Lanka Hot News Previous News Archive